ව්‍යාජ ඔප්පු සකස්කොට කෝටි 25ක රජයේ ඉඩමක් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ට එරෙහිව බරපතල චෝදනාවක් එල්ලවී ඇත.



නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත අද (02) දින මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, කෝට්ටේ මහ නගර සභාවේ වත්මන් නගරාධිපති ශාන්ත ප්‍රේමලාල් විසිනි.

මෙම අවස්ථාවට ධම්මික චන්ද්‍රරත්න, දමිත පුශ්පකුමාර, ඩෙන්සිල් පත්මසිරි, කපිල නන්දකුමාර, කේ කේ ශාන්ත, අජිත් ශාන්ත, ප්‍රභාත් තුශාර යන නාගරික මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.

මෙම පැමිණිල්ල කඩිනමින් විමර්ශනය කර වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට පොලිසියේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයා සහතික වී තිබේ.

PHOTO 2023 02 02 11 57 29

PHOTO 2023 02 02 11 57 26 1

PHOTO 2023 02 02 11 57 27

PHOTO 2023 02 02 11 57 27 1


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්