ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින්

යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදි අද (03) පැවති මාධ්‍ය හමුවකදි ඉදිරි මහමැතිවරණයට තරග කරන්නේ කුමන ලකුණකින්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාධ්‍යවේදියකු පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල ගෙන් එවැනි ප්‍රශ්නයක් මතුකළේ, ජනාධිපතිවරණයට පෙර ගැසූ ගිවිසුම්වල කුමක් සදහන් වුව ද ඉදිරි මැතිවරණය තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බව සිය පෞද්ගලික වීශ්වාසය යයි බැසිල්වාදියකු වන කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා කල ප්‍රකාශය ද සිහිපත් කරමිනි.

ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ස්ථිරවම තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව බැසිල්වාදියකු වන මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ද පවසා තිබිණ.

කෙසේවුවද මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල  මන්ත්‍රීවරයා කියා සිටියේය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය දක්වන සෙසු පක්ෂ ඉදිරි මහමැතිවරණය එක් පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමට ගිවිසුම් ගත වු බවත් එහි එක් කොන්දේසියක් ලෙස පුටුව ලකුණින් තරග කිරිම ඇතුළත්ව තිබු බවත් ය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහමැතිවරණයට තරග කරන්නේද පොහොට්ටුව ලකුණෙන් යැයි පවසන්නේ මේ ගිවිසුම ගැන හරි අවබෝධයක් නැති හා වෙනත් පුද්ගලික ආසාවන් ඇති අය බවද ඔහු සඳහන් කළේය.
 
මෙලෙස විවිධ ප්‍රකාශ නිකුත් වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විසින් ගිවිසුමේ එකඟතා පිළිබඳව තමන්ගේ සියලූ පාක්ෂිකයන් දැනුවත් කළ යුතුව ඇතැයිද ගම්මන්පිල වැඩිදුරටත් පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ ද පවසන්නේ, ජනාධිපතිවරණයට පෙර ඇතිකර ගත් එකඟතා මත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස 'පොහොට්ටුව' ලකුණින් ඉදිරිපත් කරනු ලැබුවේ එළැඹෙන මහමැතිවරණයට පොදු සන්ධානයකින් පොදු ලකුණකින් ඉදිරිපත්වීමේ එකඟතාවය මත බවයි.

 

'ඡන්ද ලකුණ ගැන අර්බුදයක් නෑ'- ඇමති අමරවීර

කෙසේවුවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ, ඉදිරි මහමැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින්ම තරගවැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගනිමින් සිටින තීරණය එතරම් බරපතළ ගැටළුවක් ලෙස තමන් නොදකින බවත් එම පක්ෂය සමඟ ගැටුමකට ප්‍රවේශවීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බවත්ය.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර කිසිදු අර්බුදකාරී තත්ත්වයක් නොමැති බව ඔහු කියා සිටියි.

සපුගස්කන්ද ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර එබව සඳහන් කළේය.

එළඹෙන මැතිවරණය සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීන්දු තීරණවලට එළඹිය හැකි බව අමාත්‍යවරයා එහිදී පැවසිය.

 

සබැඳි පුවත් :

විමල් ගෙන් බැසිල්වාදීන්ට ප්‍රතිචාරයක්: ''මහ මැතිවරණයට පොදු ලකුණකින්, එකඟතාවය එයයි''  

බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් ! - මුල්ම නොරිස්සුම වාසුගෙන්!!

බොරු වලවල් කැපීම: ශ්‍රීලනිපයට පහරදී ගෝඨාභය හුදෙකලා කිරීමේ සුදානමක් !

පුටුවට පයින් ගසයි: මහ මැතිවරණයත් පොහොට්ටුවෙන්! -ශ්‍රීලනිපය අනාතයි!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්