ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.



කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සඳහන් කර තිබේ.

එහි දැක්වෙන්නේ නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම සහ රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම එම කරුණු වන බවයි.


''දිවයිනට ආ ගල් අඟුරු නෞකා 3ට ගෙවන්න තවමත් සල්ලි නැහැ''

මේ අතර ලංකා ගල් අගුරු සමාගම පවසන්නේ, මෙරටට ළඟා වූ ගල් අඟුරු නෞකා 3ක් සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැති බවයි.

එහි සභාපති ශෙහාන් සුමනසේකර පැවසුවේ එම නෞකා පුත්තලම ජැටිය ආශ්‍රිතව මේවනවිට නැංගුරම් ලා ඇති බවයි. එම ගල් අඟුරු නෞකා සඳහා ගෙවීමට රුපියල් බිලියන 12.5ක පමණ මුදලක් අවශ්‍ය බවද ඔහු කියා පැවසිය. 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්