ඡන්දයට පෙර ලබන මස 8, 9 වනවිට විදුලිය කප්පාදුව, ඉන්ධන පෝලිම් වැඩි කර රටේ ආර්ථික අර්බුදයක් ඇති කිරීමට සමහර කණ්ඩායම් කුමන්ත්‍රණ කරමින්  සිටින බවට තොරතුරු ලැබී ඇතැයිද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.



කොමිෂන් සභාවල සිටින ඇතැමුන් ද ඒ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ බව ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ උසස් උසස් පෙළ විභාග සමයේ පැය හත හමාරක් විදුලිය කැපූ බව සමහරුන්ට අමතක යැයි පැවසූ අමාත්‍යවරයා, පෝලිම්වල ජනතාව දවස් දෙක තුන සිටි බව ද  ප්‍රකාශ කළේය.

මේවනවිට ඒ ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමට හැකිවූ බව ද ඔහු සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වියදම් ද කළමනාකරණය කරගත යුතු බවත් ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හඳුන්වාදී ඇත්තේ ඒ සඳහා බවත් කංචන විජේසේකර පැවසීය.

සමහර පුද්ගලයින් ඒ කටයුත්තටත් විරුද්ධ බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

(lankadeepa.lk)


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්