වසර ගනනක් වසා දමා තිබූ ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථානය කොළඹ පෝට්සිටිය වෙත පැවරීමට,

පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටු සභාපති මධුර විතාන මන්ත්‍රීවරයා කල යෝජනාව අනුමත වී ඇත.

ඒ අනුව එම මධ්‍යස්ථානය ළඟදීම ආරම්භ කරන බව පෝස්ට් සිටි කළමනාකාරීත්වය දැනුම් දී සිටියි.

අදාළ යෝජනාව අනුමත වී ඇත්තේ, ව්‍යාපාර පහසුකම් දර්ශකය ඉහල දැමීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (15) දින පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය.

එහිදී වරාය නගර ව්‍යාපෘතියට අදාලව බේරුම්කරන මධ්‍යස්ථානය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.

ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථානය ඉදිකර ප්‍රයෝජනයට නොගැනීම නිසා විශාල පාඩුවක් රටට වී ඇති බව මෙහිදී අනවරනය වී තිබේ.

ඒ අනුව, දැනට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිබෙන මේ වනවිට භාවිතයට නොගෙන අත් හැර ඇති ජාත්‍යන්තර බේරුම්කරන මධ්‍යස්ථානය, පෝර්ට් සිටි කොමිසම සඳහා භාවිතා කිරීමට සියලු පාර්ශවයන් එකඟතාව පළකර තිබේ.

එසේම, බේරුම් කරන ක්‍රියාවලිය හා වානිජ අධිකරන ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කර කෙටි කාලයක් තුල නීති ගැටලු විසදීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද සාකච්ජා කර ඇත.

බේරුම්කරන නීති සති 4ක් තුල යාවත්කාලින කරන බවට  විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා මෙම රැස්වීමේ දී සහතික වී ඇත.

මෙම රැස්වීම සඳහා කමිටු සභාපති ලෙස නීතිඥ මධුර විතානගේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, අමාත්‍ය නසීර් අහමඩ් සහ සංජීව එදිරිමාන, ලලිත් වර්න කුමාර, මොහොමඩ් මුසාමිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, පෝර්ට් සිටි කොමිෂන් සභාවේ නිලධාරීන් සහභාගී විය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්