පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර සීමා නිර්ණ කොමිෂන් සභාව විසින් කොට්ඨාස සීමානිර්ණය සිදු කර එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළහොත් මැතිවරණය කල් යාමේ අවධානමක් පවති.


දැනට පවතින අටදහසක් වන පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව අදාළ ගැසට් නිවේදනය මඟින් අඩු කළ හොත් එම තත්ත්වය උද්ගත වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මත වී ඇතැයි වාර්තාවේ.

මේ අතර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8,000සිට 4,000ක් පමණ දක්වා අඩු කිරීම සීමා නිර්ණ කමිටුව පත් කිරීමේ එක් අරමුණකි.

 මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසිනි.


''සීමා නිර්ණය අවසන් අදියරේ'' - මහින්ද දේශප්‍රිය


සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් අදියරේ ඇති බව සීමා නිර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය එබව සඳහන් කර ඇත්තේ, MeeMassooTV අන්තර්ජාල නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදීය.

මාර්තු මස අගභාගය වන විට අදාළ අවසන් වාර්තාව භාර දීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඒ අනුව පළාත්  පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8400 සිට 5000 දක්වා අඩු කිරීමට පියවර ගැනීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

එලෙස සභික සංඛ්‍යාව අඩු කල විට පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සිදුවන්නේ එම තත්වය තුල බවද පෙන්වා දෙන හිටපු මැතිවරණ කොමසාරිස්වරයා, මෙහිදී දැනට පැවැත්වීමට නියමිත ඡන්දය ප්‍රමාද වුවහොත් දැනට කැඳවා ඇති නාමයෝජනා අවලංගු කර නව ක්‍රමය යටතේ නැවත නාමයෝජනා කැඳවා ඡන්දය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇති බවද කියා සිටියි.




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්