ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පලාත් පාලන ඡන්ද විමසීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.



ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් මැතිවරණ කොමිසම කියයි.

මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් මගින් මෙම කරුණු අනාවරණය කර ඇත.


ඡන්ද නැත්නම් කොමිසමක් මොකට ද? - ඩලස් 


මේ අතර නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ, පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකි නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු බවයි.

මැතිවරණ කොමිසමේ වගකීම ආණ්ඩුවේ චක්‍රලේඛවලට අනුව ඡන්දය මගහැරීම හෝ දින නියම කිරීම නොව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඩලස් අලහප්පෙරුම මේ බව පැවසුවේ නිදහස් ජනතා සන්ධාන මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක වැඩමුලුව අමතමිනි.

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළ යුතු ආකාරය ගැන නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් නීතිය විකෘති කර ඇති අතර, ඔහු නීතිය සමඟ සෙල්ලම් කරන බව ද අලහප්පෙරුම මෙහිදී පැවසිය.

මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව දක්වන උත්සාහය, මුලු මහත් ලෝකයටම ආණ්ඩුවේ නිරුවත පෙන්වීමක් බව සදහන් කල ඩලස් අලහප්පෙරුම, මීට පෙර ද අවස්ථා ගනණක දී මැතිවරණාය කල්දැමීම නිසා ඇති වූ භයානක තත්වයන් පිලිබදව ද පෙන්වා දුන්නේ ය.




JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්