ගතවූ හත්වසරක අසීරු මොහොතේ තමා වෙනුවෙන් පෙනී සිටි සැමට මෙන්ම, තමා සමග මෙතෙක්

නොසැලී සිටි සියලු දෙනාටම හිස නමා ආචාර කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකක් පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් අද (28) රිට් ආඥාවක් නිකුත් කළේය.

ඒ, රවී කරුණානායක ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.

එම අභියාචනාධිකරණය තීන්දුවෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රවී කරුණානායක මෙසේ සඳහන් කර ඇත.

''අද මටත්, මගේ බිරිදට මෙන්ම දියණියන් තිදෙනාට සුවිශේෂී දිනයක් විය. වසර 7 ක් තිස්සේ මාත්, මගේ පවුලත් විඳි අවමන්, අපහාස , මානසික වේදනා හා පීඩාවන් අදින් නිමා විය. මේ අසීරු මොහොතේ මා වෙනුවෙන් පෙනී සිටි සැමට මෙන්ම මා සමග මෙතෙක් නොසැලී  සිටි සියලු දෙනාටම මම හිස නමා ආචාර කරමි.''

Ravi twite 2

Ravi twite 1




සබැඳි පුවත් :

බැඳුම්කර නඩු දෙකෙන්ම රවී නිදහස්

 

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්