ඉන්දු - ලංකා කතෝලිකයන් අවුරුද්දකට වතාවක් වන්දනාමාන සඳහා පැමිණෙන කච්චතීවු ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පැවැත්වෙන සමයේ පෙර නොවූ විරූ ආකාරයෙන් බෞද්ධ භික්ෂුන් පිරිසක්ද පැමිණ තිබේ.



හමුදා අනුග්‍රහයෙන් දෙමළ ප්‍රදේශවල බෞද්ධ විහාර ඉදිකිරීම ගැන විරෝධය පලවෙමින් සිටින වකවානුවක බෞද්ධ භික්ෂුන් 6 දෙනකු දුපතේ සැරිසරන ආකාරය මාධ්‍යවේදීන් විසින් කැමරා කාචයට හසුකරගෙන ඇතත් දේව මංගල්‍යය සඳහා පහසුකම් සම්පාදනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ ගැන කිසිදු තොරතුරක් හෙළි කර නැත.

කතෝලික බැතිමතුන්ට දූපතට ප්‍රවේශවීමට අවසර ලැබෙන එකම කාලසීමාව තුල බෞද්ධ භික්ෂුන් පැමිණියේ කවර කටයුත්තක් සඳහා දැයි දැනගන්නට නොමැත.

FqhwzLZXsAI72yN

FqhwzUDWcAEbwef

JDS Lanka

 

ඉන්දු - ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, පැවැත්වු ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, කොළඹ සහායක රදගුරු ඇන්ටන් රන්ජිත් පිල්ලෙනායගම් පියතුමා ගේ මෙහෙයවීමෙන්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරම් ගේ සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සංවිධායක දායකත්වයෙන්, ශ්‍රී ලාංකික හා ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2023 මාර්තු මස 03 සහ 04 යන දෙදින උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබුනි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නිල  ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනය කර ඇත්තේ " කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්, හිටපු නාවික හමුදාධිපති වරයෙක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු වන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික), ශ්‍රී ලංකා සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, දෙස් විදෙස් මාධ්‍යවේදින්, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ ඉන්දීය හා ශ්‍රී ලංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ." යනුවෙනි.

" කච්චතිවු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නාවික හමුදාවේ දායකත්වයෙන් අති උත්කර්ෂවත්ව පවත්වයි." යන ශිර්ෂය සහිතව ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නිල ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තිය සමග එක්කර තිබෙන ඡායාරූප 64න් එකක පමණක් භික්ෂුන් වහන්සේ නමක් බෝට්ටුවෙන් බැස එන ආකාරය දැක ගැනීමට තිබේ.

 

 

6

{gallery}kacchathiv23{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්