පාර්ලිමේන්තුවේදී පසුගියදා ‘කටවහගෙන වාඩි වෙන්න’ (you shut up sit down) යනුවෙන් විපක්ෂයට අණදුන්

ජනාධිපතිවරයාට, නුදුරේදීම මහජන නියෝගයෙන් කටවසාගෙන වාඩිවීමට සිදුවනු ඇතැයි නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.


තමන් ඉතිහාසයේ කෲරතර ඒකාධිපතියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුනරුත්පත්තිය බවට හඳුන්වාගන්නා ජනාධිපතිවරයා දරුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බව පළාත් පාලන මැතිවරණ මගහැරීමට දරන උත්සාහයෙන් මනාව පැහැදිලි වන බව ද ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.

නුදුරේ දීම රටේ මහජනතාව විසින් ඔහු නිහඬ කොට වාඩි කරවනු ඇති බව ද හෙතෙම පැවසීය.

අලහප්පෙරුම මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කඹුරුපිටියේ දී පැවති ජනහමුවක් අමතමිනි.

පළාත් පාලන මැතිවරණය (2023)  පැවැත්වීම සම්බන්ධව මතුවී ඇති නවතම තත්වය සහ වර්තමාන දේශපාලන තත්ත්වයන් පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ නිදහස් ජනතා සන්ධානයේ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවීම් කිහිපයක් ඊයේ (05) සහ පෙරේදා (04) දෙදින මැතිවරණ කොට්ඨාස  මට්ටමින් සංවිධානය කර තිබිණ.

කඹුරුපිටියේ පැවති රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී  වීරසුමන වීරසිංහ සහ පළාත් පාලන අපේක්ෂකයින් රැසක් සහභාගී වී සිටියේය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්