The Leader News
BREAKING
Top Ad
පුවත්

පිරමිඩ ජාවාරම් කළ චීන ජාතිකයන් 16ක් අත්අඩංගුවට

T

The Leader Desk

February 24, 2026 • 4:37 AM

පිරමිඩ ජාවාරම් කළ චීන ජාතිකයන් 16ක් අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම සැකකරුවන් සමග ලැප්ටොප් පරිගණක 23 ක් ජංගම දුරකථන 11 ක් රවුටර් 07 ක් හඬ පරිවර්තන යන්ත්‍ර 09 ක් හා විදෙස් දුම් වැටි 3280 ක් පොලිස් භාරයට ගෙන ඇත.
  • අත්අඩංගුවට ගත් චීන ජාතික පිරිමි පුද්ගලයන් 16 දෙනා සන්තකයේ තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තිබී ඇති අතර ඔවුන් රැඳී සිටි ස්ථානය වැඩිදුරටත් සිදු කළ පරික්ෂාවේදී ලැප්ටොප් පරිගණක සහ සෙසු දේපළ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
  • මෙම සැකකාර චීන ජාතිකයන් මෙරට රැඳී සිටි විදේශීය රටවල් හා සම්බන්ධ වෙමින් විවිධ පුද්ගලයන් මුලා කරා පිරමීඩ ජාවාරමේ යෙදෙන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම සැකකරුවන් සමග ලැප්ටොප් පරිගණක 23 ක් ජංගම දුරකථන 11 ක් රවුටර් 07 ක් හඬ පරිවර්තන යන්ත්‍ර 09 ක් හා විදෙස් දුම් වැටි 3280 ක් පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ 05 ලිපිනයේ ජාවත්ව පාර, දොන් කරෝලිස්පාර ලිපිනයේ මීට දින කීපයකට ඉහතදී තාවකාලිකව පදිංචියට පැමිණි චීන ජාතිකයන් පිරිසක් කිසියම් නීති විරෝධී කටයුත්තක යෙදෙන බවට සැක කරන බව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් සුජීව කුමාර ට ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක් එම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් චීන ජාතික පිරිමි පුද්ගලයන් 16 දෙනා සන්තකයේ තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තිබී ඇති අතර ඔවුන් රැඳී සිටි ස්ථානය වැඩිදුරටත් සිදු කළ පරික්ෂාවේදී ලැප්ටොප් පරිගණක සහ සෙසු දේපළ සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

මෙම සැකකාර චීන ජාතිකයන් මෙරට රැඳී සිටි විදේශීය රටවල් හා සම්බන්ධ වෙමින් විවිධ පුද්ගලයන් මුලා කරා පිරමීඩ ජාවාරමේ යෙදෙන බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

(lankadeepa | බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...