The Leader News
BREAKING
ලූලාගෙන් අනුරට ප්‍රතිචාර: රාජ්‍ය තාන්ත්‍රික සීමා ගැන සංවාදයක්●සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත හකුළාගන්නැයි ඇම්නෙස්ටි ඉල්ලයි●සුළි කුණාටු අවදානම: ලංකාවේ බෝට්ටු 25කට ඉන්දීය මුහුද විවෘත වෙයි●ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් නෑ●දෙමළ සිනමා වාර්තා බිඳිමින් රජිනිකාන්ත්ගේ ‘ජේලර් 2’ පෙරමුණට●දකුණු ආසියානු සුවතා කේන්ද්‍රය වීමට ලංකාවෙන් දැවැන්ත පියවරක්●චීන තාක්ෂණික වෙළෙඳපොළේ කෘත්‍රිම බුද්ධි බුබුල බිඳවැටෙයි●බ්‍රසීල ඡන්දයට ට්‍රම්ප්ගෙන් චෝදනා: පරාජිත පක්ෂය ප්‍රතිඵලය පිළිගනී●කාන්තා ඔසප් වීම දේවත්වයෙන් සලකන කාමක්ඛ්‍යා දේවාලය●යුද අර්බුදය හමුවේ ඊශ්‍රායල ඡන්දපොළ වාර්තාගත ලෙස පිරී යයි●
Top Ad
පුවත්

‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ගේන්න CIDය මැඩගස්කර් යයි

T

The Leader Desk

March 10, 2023 • 6:08 PM

‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ගේන්න CIDය මැඩගස්කර් යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙරෙන විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට (මාර්තු 11) මැඩගස්කරය බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ.
  • මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙකු ඇතුළත් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.
  • අනෙක් සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරනු ඇත.
  • ‘හරක් කටා’ ඇතුළු කණ්ඩායම මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව ඉකුත් 8 වන දා නිල වශයෙන් එරට රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙරෙන විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට (මාර්තු 11) මැඩගස්කරය බලා පිටත්වීමට නියමිත බව වාර්තාවේ.

මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරු දෙදෙනෙකු ඇතුළත් බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය. මැඩගස්කරයට පිටත්ව යන පොලිස් කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මිහිඳු අබේසිංහ මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බව කියැවේ.

අනෙක් සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් විශේෂ කාර්ය බළකාය නියෝජනය කරනු ඇත.

‘හරක් කටා’ ඇතුළු කණ්ඩායම මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් බව ඉකුත් 8 වන දා නිල වශයෙන් එරට රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇත. ඒ අනුව ඒ පිළිබඳ විමර්ශනය කොට ඔවුන් මෙරටට ගෙන ඒමේ කටයුතු සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායම හෙට මැඩගස්කරය බලා පිටත්ව යාමට නියමිතව තිබිණි.

හරක් කටා සහ කුඩු සලිඳු ඇතුළු 8 දෙනෙක් මැඩගස්කරය ආරක්‍ෂක අංශවලට කොටු වූයේ ඉකුත් පළමු වන දා ය.

ඉකුත් පෙබරවාරි 12 වන දා හරක් කටා ඇතුළු පිරිස ‘නොයිබී’ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති අතර ඔවුන් නැවත ඉකුත් පළමු වන දා මැඩගස්කරයෙන් පිටව යන මොහොතේදී එරට ආරක්‍ෂක අංශවලට කොටුවී ඇත.

මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත නිකුත් කර තිබූ රතු වරෙන්තු අනුව ය.

හරක් කටා සුපිරි ධනවතකු ලෙස පෙනී සිට ඇති අතර ඔවුන් මැඩගස්කරය බලා යාමට ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් ය.

මීට පෙර ද ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ 2022 අගෝස්තු 11 වන දා ය.

ඒ අනුව ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ මෙරටට ගෙන ඒමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලකලෑස්ති වුව ද ඔවුන් මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය වූ නීතිමය කටයුතු නිසි ලෙස සම්පූර්ණ නොකිරීම නිසා ඩුබායි පොලිසිය හරක් කටාව ඉකුත් වසරේ ඔක්තෝබර් 3 වන දා මුදා හැර තිබිණි.


(mawbima.lk)



සබැඳි පුවත් :

මැඩගස්කරයෙදී හරක් කටා අත්අඩංගුවට !

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...