ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ "අකුරට වැඩ කිරීමේ" වෘත්තීය ක්‍රියාමාර්ගක නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාළකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද පැවසීය.



මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලංකාවෙන් පිටත් වන සහ පැමිණෙන ගුවන් යානා වල ප්‍රමාද වීම් සිදු විය හැකි බවට අනතුරු ඇගවීමක් මෙම සංගමය විසින් සිදු කරති.

එහෙත් ශ්‍රී ලංකා ගුවන් සීමාව හරහා ඉහළින් ගමන් ගන්නා ගුවන් යානා, හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා, වෛද්‍ය ආධාර සහ රෝගීන් රැගෙන යන ගුවන් යානා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගුවන් යානා සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා බාධා ඇති නොවන බව ද තිසර අමරනන්ද අවධාරණය කළේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සෑම සතියකම බදාදා දින පස්වරු 02.30 සිට 04.30 දක්වා කාළය තුළ සිය ධාවන පථයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වසා තැබීම සිදු කරති.

අනෙකුත් වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලට අමතරව ගුවන් ගමන් පාලකවරුන් රට අතහැර යාම වැලැක්වීම සදහා යෝජනාවලිය වෙත රාජ්‍ය මට්ටමින් මෙතෙක් ප්‍රතිචාර නොමැති වීම, ශ්‍රී ලංකාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලින් අය කරන ගාස්තු වලින් 40% ක් මහා භාණ්ඩාගාරය වෙත ගෙවන ලෙස රජය ගැසට් මගින්  නියෝග කිරීම නිසා, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ලබා ගෙන ඇති ණය මුදල් ගෙවීමට අමතරව මෙම ගාස්තු ගෙවීමට ද සිදු වීම නිසා සමාගම මූල්‍ය වශයෙන් පාඩු ලබන තත්වයකට පත් වී , විදේශීය සමාගමකට මෙම සමාගම ද අඅලෙවි කිරීමේ අවදානමකට ලක් වෙමින් පැවතීම යන කරුණු මුල් කර ගනිමින් තම සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන බව තිසර අමරනන්ද  වැඩිදුරටත් පැවසීය.

(lankadeepa.lk)


 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්