දවසක් වැඩ වර්ජනය කළහොත් දළ ජාතික නිෂ්පාදනයෙන් දෛනිකව උපයන රුපියල් බිලියන 46ක මුදලක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.



මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටියි.

වැඩ වර්ජන හේතුවෙන් අධ්‍යාපනයට සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

රට දවසක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කළහොත් රුපියල් බිලියන 46ක මුදලක් දෛනිකව රටට අහිමි වන බවත් සමහර අය උත්සාහ දරනුයේ ඒ සඳහා බවත් අමාත්‍යවරයා කියා සිටියි.

වර්ෂයකට මෙරට දළ ජාතික නිෂ්පාදිතය රුපියල් බිලියන 16,809ක් වන බව ද එය දවස් 365න් බෙදූ විට දිනකට අහිමි වන මුදල රුපියල් බිලියන 46ක් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

 

‘‘දළ ජාතික නිෂ්පාදිතය වසරටම රුපියල් බිලියන 16669යි. මෙය දින 365න් බෙදූ විට රුපියල් බිලියන 46යි දිනක දළ ජාතික නිෂ්පාදිතය. දවසක් සම්පූර්ණ අකර්මණ්‍ය කළොත් දවසකට දළ ජාතික නිෂ්පාදිතයෙන් රුපියල් බිලියන 46ක් අහිමි වෙනවා. අධ්‍යාපනය මේකට ගණනය කෙරෙන්නේ නැහැ. ඒක මිල කරන්නම බැහැ. එය හෙට දවසේ උත්පාදනය කර ගන්නත් බැරි නම්, නැඟිටින්න හදන රටකට මේ ක්‍රියාවන් ගැළපෙනවද නැද්ද කියලා අප හිතන්න ඕනේ යැයිද‘‘ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

 

පවතින සියලු අභියෝගවලට මුහුණ දෙමින් රටක් ලෙස ක්‍රමක්‍රමයෙන් නැඟීසිටින මොහොතක මෙවැනි පදනම් විරහිත වැඩවර්ජන කළහොත් රටත් ආර්ථිකයත් යළිත් කඩා වැටීම වැළැක්විය නොහැකි බව ඔහු පැවැසීය.

පසුගිය කාලය පුරා විවිධ ව්‍යසන පැමිණියද රාජ්‍ය සේවකයාට ලබාදෙන කිසිවක් අඩු නොකළ බවත් ඔවුන් වෙනුවෙන් දිය හැකි සෑම සහනයක්ම මුල්ම මොහොතේ ලබාදෙන බවත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කළේය.




JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්