ඊයේ (22) රනිල් IMF විස්තීරණ ණය පහහුකම සහ ණය ප්‍රති ව්‍යුහගත කරගැනීමට අදාළව ලැබුණු IMF එකඟතාවය නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.



එතනදී රනිල් කිව්ව වැදගත්ම කතාව තමයි විස්තීරණ ණයක් කියලා කියන්නේ ගිනි පොලියට ගන්න ණයක් නෙවෙයි, විස්තීරණ ණයක් කියලා කියන්නේ රටක් බංකොලොත් උනාට පස්සේ ඒ බංකොලොත් බවෙන් මිදෙන්න දෙන සහන ණය මුදලක් කියලයි. ඇත්තටම අපට ඒ උපකාරය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. රටේ රාළට මෙතනදී අපේ රටේ ඉන්න ලිං මැඩියන්ට සහ කසිකබල් වම්මුන්ට කියන්න කතාවක් තියනවා.



දැන් ඔහේලා කවුරුත් පිලිගන්න ඕනි මේ ලෝකය ඇතුලේ කාටවත් තනි පැවැත්මක් හදාගන්න බෑ කියලා. ඒක මාක්ස්වාදයෙත් පිලිගත්ත සත්‍යයක්. මාක්ස් කිව්වේ සකළ දේශවාසී නිර්ධනයනි සමගිවව් කියලයි. ඊළගට මාක්ස්වාදයේ උගන්නන්නේ සමාජවාදය තනි රටක් ඇතුලේ සම්පුර්ණ කරගන්න බෑ ඒකට සමස්ථ ලෝකයම එකතු වෙන්න ඕනි කියලයි. සරලව කිව්වොත් අපට වැඩිපුර තියනදේ අපි ලෝකයට දෙන්න ඕනි. අපට නැතිදේ ලෝකයෙන් ගන්න ඕනි. ඒක තමයි මිහිපිට තියන යථාර්ථය.



ලෝකයේ සම්පත් හරියටම බෙදෙන්නේ නෑ කියන විවේචනය අපටත් තියනවා. හැබැයි එහෙම උනා කියලා ලෝකයෙන් කිසිම දෙයක් එපා, අපට රාවණාගේ බලය තියනවා, අපේ රජවරු අපට හදලා ගිහින් තියනවා. ඒවා දියුණු කරගත්තොත් අපි ගොඩ කියනවා වගේ වැඩවසම් සංකල්පවල අපි නං නෑ. ඊළඟට වම්මු කියන විදිහට ලෝකයේ තියන හැම සංවිධානයක්ම අධිරාජ්‍යවාදී බළල් අත් කියන තැනකත් අපි නෑ. එහෙම උනත් ඒවා අපේ උවමනාව වෙනුවෙන් පාව්ච්චි කරගන්න ඕනි.

ඒක නිසා IMF එකේ, ලෝක බැංකුවේ ප්ලග් එක ගලවන්න ඕනි කියලා අපි නං කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ. ලෝකයේ තියන ගොඩක් සංවිධානවල පාර්ශවික බවක් තියනවා. එක්සත් ජාතීන් ගත්තත්,G7 සමුළුව ගත්තත්, G 20 සමුළුව ගත්තත්,BRICS ලා ගත්තත් එහෙමයි. හැබැයි ඒක නිසා ලෝකයේ තියන ජාත්‍යන්තර වශයෙන් පිලිගත්ත කිසිම සංවිධානයක්, ආයතනයක් ප්‍රතික්ෂේප කරන්න අපට බෑ. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධාන ප්‍රතික්ෂේප කරන්න අපට බෑ. රටේ රාළ කියන්නේ ලෝකයේ කොතැන හිටියත් හැම මනුස්සයෙක්ගේම මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ වෙන්න ඕනි.

අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවත්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ආගමික නිදහස, ලිංගික සමානත්වය ඇතුළු සියලු මානව හිමිකම්වලට අපි ගරු කරනවා. ඒවා දිනාගන්න ලෝකය පුරා අද සාමූහිකව උත්සාහයක් දරන්න ඕනි. ඇත්තටම ඒ අර්ථයෙන් හිතුවොත් අපි ඉන්නේ ජාත්‍යන්තර අරගලයක. ලෝක විප්ලවයක.



ඊයේ රනිල් කිව්වා රනිල් රට බාර ගන්නකොට රටේ තිබුණ තත්වය. කන්න බොන්න නෑ, බෙහෙත් නෑ. හැමතැනම පෝලිම්, පෝලිම්වල මිනිස්සු මැරුණා. ඉස්කෝල වහලා, රාජ්‍ය ආයතන වහලා, උද්ධමනය අහස උසට නැගලා, සාගතයක් අත ලග. මිනිස්සු මහ පාරට බැහැලා ජීවිතය ඉල්ලනවා. මහ පාරේ මිනිස්සු මරා ගන්නවා. ඒ ප්‍රශ්නවලට උත්තර නැති පාලකයෝ පැනලා ගියා. උත්තර තියනවා කියලා පම්පෝරි ගහපු අයටත් වැඩේ බාර ගන්න කිව්වම සර්ව ලෝක පූට්ටුව වැටිලා වගේ ගල් වෙලා හිටියා. එහෙම රටක් තමයි රනිල් බාර ගත්තේ.



රනිල් රට සන්සුන් කරගනිමින් රනිල් පිලිගන්න IMF පාර දිගේ ගියා. ඊට වඩා වෙනස් පාරක් කවුරුත් කිවිවේ නෑ. ඒ පාර අසාර්ථක කරන්න රටේ හතුරන් නොකරපු දෙයක් නෑ. මුලදී IMF ණය ගන්න බෑ කිව්වා. ඡන්ද නැත්තං ණයත් නෑ කිව්වා. IMF ණය ගන්න රනිල්  ට්‍රයි කරද්දී රටට ඩොලර් එවන්න එපා කිව්වා. ජනතාව මහ පාරට අරගෙන උද්ඝෝෂණ කළා. වෘත්තීය සමිති හරහා වැඩවර්ජන කළා. IMF ණය වලක්වන්න කරන්න පුළුවන් සියල්ල කළා. ඒ උත්සාහය අසාර්ථක උනාට පස්සේ දැන් අහනවා IMF ණය ගන්නං කාට බැරිද කියලා?

තව කට්ටියක් කියනවා රට තවත් බිලියන 07 කින් ණය කරන්න හදනවා කියලා. හැබැයි ඔයාලට මතක ඇති ගිය අප්‍රියෙල්, මැයි මාස වෙනකොට මේ රටේ මිනිස්සු කිව්වේ රට පිටරටකට උගස් කරලා හරි අපිට කන්න දීපල්ලා කියලයි. එදා අපි තනිකරම අසාර්ථක රාජ්‍යයක්. ඇත්තටම මේ ණයක් තමයි අරන් තියෙන්නේ. හැබැයි මේ ණය ගත්තේ නැත්තං අපේ රට තුන් ඈවර කරලා දැන් ගොඩක් කල්. මොකද අපට ණයක්වත් දෙන්න කවුරුත් හිටියේ නෑ. රට ගිලගන්න තමයි ගොඩක් දෙනෙක් බලාගෙන හිටියේ. එහෙම වෙලාවක හම්බ වෙච්චි මේ IMF ණය සහ ණය සහතිකය පාවිච්චි කරලා අපට අලුත් ගමනක් යන්න පටන් ගන්න පුළුවන්. ඒ හරහා අපට, අපේ රටට ආයෙත් ජාත්‍යන්තර වශයෙන් අහිමි වෙච්චි පිලිගැනීම ලැබෙනවා. අපේ මූල්‍ය ක්ෂේත්‍රය ආයෙත් සක්‍රීය වෙනවා. රුපියලත් යම් පමණකට ස්ථාවර වෙයි. ආනයන සීමා ලිහිල් වෙයි. පොඩි හරි සහන ටිකක් ජනතාවත් ලැබෙයි. රට බංකොලොත්භාවයෙන් මිදෙයි. ඒක නිසා රටේ රාළ මේ අවශ්‍යම මොහොතේ අපට විස්තීර්ණ ණයක් ලබාදිපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවෙන් මැදිහත් උන සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා.



මෙතනදී IMF එක ඉදිරිපත් කරපු මූලිකම කොන්දේසිය උන දුෂණය පිටු දැකීමේ වැඩපිලිවෙල වහාම ක්‍රියාත්මකයි කරන්න කියලා රටේ රාළ බලකායක් රනිල්ට බලකරවා. දැන් මේක ණයක් කියලා, ඒක ගත්තේ රනිල් කියලා කාටවත් මගාරින්න බෑ. මේ ණය හින්දා දැන් අපට හුස්මක් ගන්න පුළුවන්. මේ ලැබුණු අවස්ථාව පාව්ව්චි කරලා සියලු දෙනා එකතුවෙලා ශ්‍රී ලංකා මාතාවට ආයෙත් ජීවය පිඹින්න ඕනි. පක්ෂ විපක්ෂය භේදයකින් තොරව කවුරුත් මේ මල්වට්ටියට අත ගහන්න ඕනි.

 

රටේ රාළ බළකාය නං ඒ මල්වටිටියට බය නැතිව අත ගහන්න ලෑස්තියි. ඒ වෙනුවෙන් සහ ඒ වැඩපිලිවෙල වෙනුවෙන් හඩක් නගන්න ලෑස්තියි. ඒ වගේම ඊට හතුරුකම් කරන පරයන්ගේ දේශපාලනය පරසක්වල ගහන්නත් ලෑස්තියි. මොකද රනිල්ගේ දේශපාලනයෙන් රටේ අවශයතාවය වෙන් කරලා ක්‍රියාත්මක කරගැනීමේ උපාය මාර්ගික දැනුම සහ මතවාදීමය බලය දැන් රටේ රාළ බලකායට තියනවා.

ඒක නිසා මේ ණය පිල්ලි ගහන්න හදනවා නම්, රට නැවත හුස්මක් ගන්න හදනකොට ඒකට බාධා කරන ඕනි කෙනෙක් හෙළිදරව් කරලා ජනතාවට ඉදිරියේ නිරුවත් කරන්න රටේ රාළ එක මොහොතක්වත් පැකිලෙන්නේ නෑ. ඒක සජිත්ටද, අනුරටද නැත්තම් වෙනකාටවත්ද කියලා වෙනසක් නෑ. මොකාට උනත් රටේ රාළට අවුලකුත් නෑ.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.

මීට
Priyanjith Vitharanaරටේ රාළ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්