ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඊයේ (03) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

"අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයා ගැන කතා වෙනවා. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත වතාවක් ජනාධිපතිවරයා බවට පත්කළ යුතුයි කියන මතයක් වැඩිපුර අපේ මන්ත්‍රී කණ්ඩායම තුළ තියෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ. මම හිතන්නේ නෑ ඒකේ වැරැද්දක් තියෙනවා කියලා. අපි දන්නේ නෑ ඊළඟ මැතිවරණය කුමක් ද කියලා. ජනාධිපතිවරණයක් නම් ලැබෙන්නේ, අපි ඒ සඳහා ඒ අවස්ථාවේ දී පක්ෂයක් හැටියට සුදුසුම හොඳම පියවර ගනී."


''මේ රට ගොඩගන්න නම් ඊළග ජන්දයෙන් රනිල් අනිවාර්යයෙන්ම ජනාධිපති කළ යුතුයි''- රවී K


මේ රට ගොඩනැගීම සඳහා ඉදිරි ජනාධිපතිවරනයේදී ජනාධිපති වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනාධිපති කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා ද අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පිරිසක් සමග පසුගිය ඉරිදා සිය නිවසේ පැවති සුහඳ හමුවකදීය.


 
JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්