The Leader News
BREAKING
Top Ad
පුවත්

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රට පුරා ඒකක 164ක් වැඩ ඇන හිටි

T

The Leader Desk

February 3, 2026 • 6:11 AM

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රට පුරා ඒකක 164ක් වැඩ ඇන හිටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහලේ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරු නොමැති රෝහල්වල සේවා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම නිසා එලෙස පර්යන්ත රෝහල්වලට බලපෑමක්ව ඇත.
  • ඒ අනුව, උතුර, නැගෙනහිර ඌව පළාත්වල රෝගී සත්කාර ඇතැම් කටයුතු අකර්මණ්‍ය වී තිබේ.
  • මේ අතර, සිය වෘත්තීය ගැටලු විසඳීම සඳහා රජය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත්වීමක් මෙතෙක් දක්නට නොමැති බව ජී.එම්.ඕ.ඒ.
  • වෘත්තීය සමිතියක් ලෙස සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට රජයට යෝජනා කළ ද එවැනි උත්සාහයක් හෝ නොදකින බව වෛද්‍යවරයා අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහලේ පමණක් විශේෂඥ සේවා සැපයීම සහ ඉන් පරිබාහිර විශේෂඥ වෛද්‍යවරු නොමැති රෝහල්වල සේවා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් වීම නිසා එලෙස පර්යන්ත රෝහල්වලට බලපෑමක්ව ඇත.

ඒ අනුව, උතුර, නැගෙනහිර ඌව පළාත්වල රෝගී සත්කාර ඇතැම් කටයුතු අකර්මණ්‍ය වී තිබේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ගේ ද අඩුවක් දක්නට ලැබිණි.

මේ අතර, සිය වෘත්තීය ගැටලු විසඳීම සඳහා රජය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත්වීමක් මෙතෙක් දක්නට නොමැති බව ජී.එම්.ඕ.ඒ. සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසීය.

වෘත්තීය සමිතියක් ලෙස සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට රජයට යෝජනා කළ ද එවැනි උත්සාහයක් හෝ නොදකින බව වෛද්‍යවරයා අවධාරණය කළේ ය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මෙසේ ද කීවේය.

“මෙතැනදී වැඩි බලපෑමක් තියෙන්නේ පර්යන්ත රෝහල්වලට. කොළඹ තත්ත්වය වෙනස් ජාතික රෝහලේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ගැටලුව පර්යන්ත රෝහල්වලයි. උදාහරණයකට මඩකළපුව රෝහලේ සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා තව රෝහල් හතරක වගේ ආවරණ රාජකාරි කරනවා. එතකොට ඒ හතරම බිඳ වැටෙනවා. තව නැඟෙනහිර පොතුවිල් රෝහල ගත්තොත් රෝහලේ ඒකක අටක් පමණ බිඳ වැටෙනවා.

අනිත් කාරණාව තමයි උතුරු, නැඟෙනහිර, ඌව පළාත්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලොකු හිඟයකුත් තියෙනවා. අපිට තියෙන ගැටලුව මේ බිඳ වැටෙන්නේ ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය. රජය පැත්තෙන් සාධනීය විසඳුමකට තවම මැදිහත්වීමක් දකින්න නැහැ. මේක සාකච්ඡා කරලා විසඳා ගන්න කියලා අපි දිගටම කියනවා. එහෙම උත්සාහයක්වත් දකින්න නෑ”



රෝගීන්ගේ අඩුවක්....

මේ අතර කොළඹ ජාතික රෝහලට විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ගේ අඩුවක් පැවැතුණි. කෙසේ නමුත් ඖෂධ ලබාගැනීමේ හෝ ප්‍රතිකාර ලබා ගැනීමේ ගැටලුවක් නොපැවතුණු බව ඇතැම් රෝගීහු ප්‍රකාශ කළහ.

“ඩොක්ටර්ස්ලා ඉන්නවා. බෙහෙත් දෙනවා. හරි ප්‍රවෘත්තියක් තමයි ඉදිරිපත් වෙන්න ඕනෑ. අපි නම් කතා වුණේ වෙනදාට මේ පුටුවල හැම තැනම සෙනඟ ඉඩ නැහැ. ඒ වුණත් අද මිනිස්සු නම් අඩුයි.”

“මිනිස්සු දුර ඉදන් එන්නේ වාහනවලටම ලොකු මුදලක් යනවනේ, මෙහෙට එන්නේත් නැති බැරි මිනිස්සුනේ.”

“මේ වැඩේ සාර්ථකද අසාර්ථකද දන්නේ නැහැ උදේ ඉඳන්ම සෙනඟ නම් නෑ”

“මෙතැන තියෙන්නේ වෙන දේ හරියට තේරුම් ගැනීමේ ශක්තියක් මිනිසුන්ට නැතිකමක්නේ. වැඩ වර්ජනයක් නොවේනේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්.“

“මේ බෙහෙත් දෙන්නේ. බෙහෙත් දෙන තැන තමයි වාඩිවෙලා ඉන්නේ. කිසි ගැටලුවක් නෑ ආවේ ක්ලිනික් එකේ බෙහෙත් ගන්න.”

“බෙහෙත් ගත්තා වැඩිවෙලා ගියේ නෑ ආවා…සෙවිස් එක හරි. ඔක්කෝම වෙනවා”

(Mawbima | රවිශාන් ප්‍රනාන්දු, නිමල් අල්ගෙවත්ත)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රට පුරා ඒකක 164ක් වැඩ ඇන හිටි | The Leader