අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (04) ඔහු නිව්යෝර්ක් අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධිචෝදනා 34ක් එල්ල වුවත්, තමා නිවැරදිකරු බව ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේදී පවසා තිබේ.

2016 ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිලියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී ඇත.

තව ද ඔහුට විරුද්ධව අධිචෝදනා 34ක් එල්ල වී තිබේ.




ට්‍රම්ප්-ස්ටෝමි ඩැනියෙල්ස් කතාව දිගහැරුණු ආකාරය


76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්, අපරාධ චෝදනාවලට මුහුණදුන් පළමු හිටපු එක්සත් ජනපද ජනපතිවරයා ය.

2016 මැතිවරණයට පෙර වැඩිහිටි සිනමා තාරකාවකට නිහඬව සිටීම සඳහා මුදල් ගෙවීමේ සිද්ධිය නිව් යෝක්හි අධිචෝදකයින් විමර්ශනය කරමින් පසුවෙයි.

හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් කියා සිටියේ තමා හිටපු ජනාධිපතිවරයා සමග අනාචාරී සබඳතාවක් පැවැත්වූබවත්, ඒ ගැන නිහඬව සිටීම සඳහා ඩොලර් 130 000ක් තමාට ගෙවා ඇතිබවත් ය.

මෙම ගෙවීම නීත්‍යානුකූල වන නමුත්, ට්‍රම්ප් එය ව්‍යාපාරික වියදමක් ලෙස සටහන්කර ඇතිබව කියනු ලැබේ. ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම නිව් යෝක් ප්‍රාන්තය තුළ නීති විරෝධී ය.





(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)


 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්