The Leader News
BREAKING
කෘත්‍රිම බුද්ධියෙන් පොත් 370ක් ලියූ ලේඛිකාවකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව●බටහිර දොර වැසෙද්දී ශ්‍රී ලංකාවට මතුවන අලුත් මාවත●රුවන්වැලි සෑය ස්මාරකයක් ද: බෙල්-හරිශ්චන්ද්‍ර ගැටුම යළිත් කරලියට●අලියා නැගිට්ටවන ඇත් රජු කවුද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය●නැගෙනහිර බහාලුම් පර්යන්තය: අවිනිශ්චිතතාවේ දශකයක ආර්ථික පාඩම●වදනක: නිසරු භාවය, අශිෂ්ට භාවය හෝ තක්කඩි භාවය යනු කුමක් ද…?●සයිබර් වංචා සැකකරුවන් දහසක් දැලේ: නීතිය හමුවට නොපැමිණීමේ අර්බුදය●සෞදි අර්බුදය හමුවේ ලාංකික උම්රා බැතිමතුන් ගැන අවධානයක්●ශ්‍රීලංකන් සයිබර් ප්‍රහාරය වසන් කළාද? විමර්ශන දෙකක්●උතුරු-නැගෙනහිර රක්ෂිත අර්බුදයට අදියර දෙකක කඩිනම් විසඳුමක්●
Top Ad
පුවත්

විනිසුරුවරයකුට බැට දුන් මන්ත්‍රීට එරෙහිව පියවර ගන්නැයි කාන්තාවෝ ඉල්ලති

T

The Leader Desk

April 6, 2023 • 5:53 PM

විනිසුරුවරයකුට බැට දුන් මන්ත්‍රීට එරෙහිව පියවර ගන්නැයි කාන්තාවෝ ඉල්ලති  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පහරදීම කාන්තා කණ්ඩායම් සාමුහිකයක් විසින් හෙළා දැක තිබේ.
  • මාර්තු 26 වන දා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ දියණියගේ නිවෙසේදී එම මන්ත්‍රීවරයා විසින් තමාට පහර දුන් බවට කාති විනිසුරුවරයා පොලීසියට පැමිණිලි කර තිබේ.
  • කාති අධිකරණයේ විනිසුරු ධූරයෙන් ඉවත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන්ට පුත්තලම ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලය හරහා බලපෑම් කරන අතර එම බලපෑම තමන් බැහැර කළ බව ද පහර කෑමට ලක්වු කාතිවරයා පොලිසිය හමුවේ පවසා ඇත.
  • ක්වාසි උසාවි පුරුෂාධිපත්‍යය මුල්කරගත් ආයතනයක් වන අතර කාන්තාවන්ට කිසිදු යුක්තියක් ඉටුනොකරන ආයතනයක් ලෙසටත් එහිදී විවේචන එල්ලවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් පහරදීම කාන්තා කණ්ඩායම් සාමුහිකයක් විසින් හෙළා දැක තිබේ.

පුත්තලම ක්වාසි (කාති) ආචාර්ය මොහොමඩ් රහ්මතුල්ලා මොහොමඩ්ට සිදු කළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරන උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන කාන්තා සංවිධාන අටක එකතුවකින් සැදුම් ලත් "කාන්තා ක්‍රියාකාරී ජාලය"  පවසන්නේ අධිකරණ නිලධාරියකුට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදාහල අපරාධකරුවන් ඒ සම්බන්ධයෙන් වගවීමට ලක් කළ යුතු බවයි.

මාර්තු  26 වන දා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ දියණියගේ නිවෙසේදී එම මන්ත්‍රීවරයා විසින් තමාට පහර දුන් බවට කාති විනිසුරුවරයා පොලීසියට පැමිණිලි කර තිබේ.

කාති අධිකරණයේ විනිසුරු ධූරයෙන් ඉවත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන්ට පුත්තලම ජුම්මා දේවස්ථානයේ පාලක මණ්ඩලය හරහා බලපෑම් කරන අතර එම බලපෑම තමන් බැහැර කළ බව ද පහර කෑමට ලක්වු  කාතිවරයා පොලිසිය හමුවේ පවසා ඇත.

කාන්තා ක්‍රියාකාරී ජාලය පෙන්වා දෙන පරිදි  පුත්තලම ප්‍රදේශයේ දී පමණක් ක්වාසිවරයෙකුට පහර දුන් තුන්වැනි අවස්ථාව මෙයයි.



මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පසිඳලන අධිකරණ ආයතනයක් වන ක්වාසි උසාවි සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන් පසුගිය සමයේ දුක්ගැනවිලි ඉදිරිපත් කර තිබුනි. ක්වාසි උසාවි පුරුෂාධිපත්‍යය මුල්කරගත් ආයතනයක් වන අතර කාන්තාවන්ට කිසිදු යුක්තියක් ඉටුනොකරන ආයතනයක් ලෙසටත් එහිදී  විවේචන එල්ලවිය.



කාන්තා ක්‍රියාකාරී ජාලය පෙන්වා දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ආචාර්ය මොහොමඩ් රහ්මතුල්ලා මෑතකදී ක්වාසිවරයෙකු ලෙස පත් කිරීමෙන් අනතුරුව ඔහු  පුත්තලම ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටින අතර ඔහුගේ පත්වීම ගැන ඇතැමුන් සතුටු නොවන බවයි.

ප්‍රදේශයේ මුස්ලිම් මහ පල්ලිය එම පත්වීමට විරුද්ධ බව කාන්තා ක්‍රියාකාරී ජාලය නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

" පුත්තලම මුස්ලිම් මහ පල්ලිය විසින් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට, මෙම පත්වීමට සිය අකමැත්ත ප්‍රකාශ කරමින්, ඔවුන් යෝජනා කළ තැනැත්තා පත් කර නොමැති බවත්, මෙම පත්වීම සම්බන්ධයෙන් මැදිහත් වී සමාලෝචනය කරන ලෙසත් ඉල්ලා යැවූ ලිපියක්, සංසරණය වෙමින් තිබේ. මෙම ක්වාසිවරයා පුත්තලමේ නොවන බව සඳහන් කරමින් 'ප්‍රාදේශීයවාදය'ක් මතුකරීමටද මෙම ලිපිය යොමුවී තිබේ."



MMDA පනත

ආගමික ආයතනවල සහ දේශපාලඥයන්ගේ උපදෙස් පිළිනොපදින විට ක්වාසිවරුන්ට ජන සමාජය තුළින් එන තර්ජන සහ බිය ගැන්වීම්වලට මුහුණ දීමට සිදුවූ අවස්ථා ඇති බව කාන්තා ක්‍රියාකාරී ජාලය වැඩි දුරටත් පෙන්වා දෙයි.



" වින්දිතයන් සමඟ එක්ව මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන කාන්තාවන් විශේෂයෙන් ඉලක්ක කර ගනිමින්, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණවලට එරෙහිව 2023 ජනවාරි 13 වන දින පුත්තලම පල්ලිය විසින් සංවිධානය කරන ලද විරෝධතාවය මෙහිදී ඉස්මතුකර පෙන්වීම අවශ්‍යය. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය මතු කරන සැමවිටම නෛතික සහ ආගමික විද්වතුන්, ක්‍රියාකාරීන් සහ වින්දිතයන්ට පහර දීමට අතීතයේ මුස්ලිම් පල්ලි සහ එහි සාමාජිකයන් ක්‍රියා කළ ආකාරය අපි හොඳින් දනිමු."



මෙම ක්වාසිවරයාට එල්ල වූ ප්‍රහාරය දශක හතරකට වැඩි කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීම තවදුරටත් සනාථ කරන අතර, ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සමඟ සම්පුර්ණයෙන්ම සමපාත වන ලෙසින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවය නැවත අවධාරණය කරන බවයි කාන්තා ක්‍රියාකාරී ජාලය පවසන්නේ.

ප්‍රධාන ධාරාවේ අධිකරණ පද්ධතිය තුළ දිවයිනේ සෑම ප්‍රදේශයකම ක්වාසිවරුන්ගේ ස්වාධීනත්වය සහතික කරමින් විධිමත් අධිකරණ පරිපාලනයේ කොටසක් ලෙස මෙම ක්වාසි ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයත් බවත්  කාන්තා ක්‍රියාකාරී ජාලය අවධාරණය කර සිටි.

" මුස්ලිම් පල්ලි පරිපාලනය ඇතුළු සියලුම බලගතු පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් සිදුවන බිය ගැන්වීම්වලින් සියලුම අධිකරණ ආයතන ආරක්ෂා කළ යුතුය. ක්වාසිවරුන් සම්බන්ධයෙන් පත්වීම් සහ විනය සම්බන්ධයෙන් බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය විසින් මෙය හදිසි කාරණයක් ලෙස සලකා සියලු ක්වාසිවරුන්ට ආරක්ෂාව සැපයීමට කටයුතු කළ යුතුය," යි කාන්තා ක්‍රියාකාරී ජාලය වැඩි දුරටත් කියා සිටී.

මෙම පහරදීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාව හෝ ශ්‍රී ලංකා නීතිඥ මණ්ඩලය ගන්නා ලද කිසියම් පියවරක් ගැන දැනගන්නට නැත.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...