ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යවුහගත කිරීමේ වැඩපිළිවෙළ අද ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ.


අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ශ්‍රි ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළ කිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබේ.

ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම අද සිදුකිරිමට නියමිතය.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුරදී ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මෙම ප්‍රකාශය සිදුකිරිමට නියමිතව ඇති බවය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මීට පෙර එකඟතාව පළ කර තිබිණ. මෙරටට ලබාදීමට නියමිත ණය වැඩසටහනේ පළමු වාරිකය පවා මුදාහැරිමට තීරණය කළේ ඒ පිළිබද නිල තීරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබාදීමෙන් පසුවය.            

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ පැවසුවේ ලබන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු විදේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට පැමිණීමට අපේක්‍ෂා කරන බවයි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳ අදාළ රටවල් එහිදී අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඊයේ පැවසුවේ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බවයි. 

 

අද එළිදකින ශ්‍රි ලංකා ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලසුම ගැන චීනය තවම නිහඩයි


ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුගතකරණය සැලසුම් පිළිබඳව අද ජපාන මුදල් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් ආරම්භ වන වැඩ සටහනට චීනයේ සහභාගීත්වය ලබා දෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් චීනය නිවේදනය කර නැති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර් ගසඳහන් කරයි.

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ගේ ප්‍රදානත්නවයෙන් සහ ඉන්දියාව, ප්‍රංශය ඇතුළු රටවල සහභාගීත්වනේ ආරම්භ වන මෙම සාකච්ඡා සඳහා මේ වනවිටත් චීනයට ආරධනය කර ඇති බව සඳහන් වුවද චීන රජය ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් වෙයි.

ශ්‍රි ලංකාවේ පවතින ද්වී පාර්ශ්වික ණයවලින් වැඩිම ප්‍රතිශතයක් දරන චීනය ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ලබා දෙන  සහභාගීත්වය පිළිබඳව මේ වනවිට ලෝකයේ අවධානය යොමුව ඇති අතර 'බ්ලූම්බර්ග්' වෙබ් අඩවිය මේ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගෙන්ද විමසීය. මේ වනවිට ඇමෙරිකාවේ වොෂින්ටනය් පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සමුළුව සඳහා සහභාගීව සිටින මහ බැංකු අධිපතිවරයා 'බ්ලූම්බර්ග්' රූපවාහිනිය වෙත සඳහන් කළේ මෙතෙක් ශ්‍රි ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සහය දක්වන ආකාරයට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහනටද චීනය සිය උපරිම සහය ලබා දෙන බවට තමන්ට විශ්වාස බවය.

එහිදී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ශ්‍රි ලංකාව චීනය ඇතුළු රටවල්වලට අනිවාර්යයෙන් ගෙවිය යුතු ණය පිළිබඳව විධිමත් වැඩපිළිවෙළකට එලඹීම සඳහා චීනයේ සහය ඉතා වැදගත් වන බවය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්