යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.



විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

ප්‍රහාරයත් සමග ඛේ(ර්)සන් නගරයේ දුම්රිය ස්ථානයක්, නිවසක්, සුපිරි වෙළෙඳසැලක් ඇතුළු දේපළවලට ද හානි සිදුව තිබේ.

පසුගිය සිකුරාදා සිට ඛේ(ර්)සන් නගරයට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වෙයි.

 




යුක්‍රේනයට එරෙහිව රුසියාව ත්‍රස්ත විමර්ශනයක් ඇරඹීමට සැරසේ


මේ අතර යුක්‍රේනයට එරෙහිව ත්‍රස්ත විමර්ශනයක් ඇරඹීමට රුසියාව තීරණය කර තිබේ. ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ නිවස ඉලක්ක කර එවූ ඩ්‍රෝන යානා 2 ක් බිම හෙළිමෙන් අනතුරුවයි.

මෙය යුක්‍රේනයේ ත්‍රස්තවාදී ඝාතන උත්සහයක් බවට රුසියාව චෝදනා කළේ ය.

රුසියානු විමර්ෂණ කමිටුව සඳහන් කළේ, මෙම සිදුවීම‍ ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධ අපරාධ නඩුවක් ලෙස සලකා කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට තැත් කළ බවට එල්ල වන චෝදනා යුක්‍රේනය ප්‍රතික්ෂේප කළේ ය.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සඳහන් කළේ, යුක්‍රේනය, රුසියාවට හෝ එරට ජනපති ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බවත් සිය භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් සටන් වදින බවයි.




JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්