තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කෙරුණුද, පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදුනොවන බව

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ අද (07) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

තිරිගු පිටි සඳහා ලබා දී තිබූ රුපියල් තුනක රේගු බදු සහනය ඉවත් කිරීමේ ප්‍රධාන අරමුණ දේශිය වී ගොවියා ආරක්ෂා කර ගැනීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී පැවසිය.

සහල් සඳහා වන ප්‍රධානතම ආදේශකය වන තිරිඟු පිටි සඳහා ලබා දී තිබූ සහනය ඉවත් කිරීමෙන් යැපුම් මට්ටමේ වී ගොවීන් ආරක්ෂා කිරීමට තිරිඟු පිටි මිල කළමණාකරණය කළ හැකි බවද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය.

 
මෙම තත්ත්වය තුළ මෙරට තිරිඟු පිටි සමාගම් තිරිගු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කරයිද? යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය.
 


''තිරිඟු පිටිවලට රුපියල් 3ක රේගු බද්දෙන් සහනයක් ලබාදීලා තිබුණා. අපි නැවත පැනවේවා ඒ රුපියල් 3. ඒකේ ප්‍රධානතම හේතුව අපේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශකය අපේ රටේ වී ගොවියා ආරක්ෂා කිරීමට විශල වගකීමක් තියෙනවා. වී ගොවීන්ගෙන් 90%ක්ම යැපුම් මට්ටමේ ගොවියෝ ඒ නිසා ඔහුන්ව ආරක්ෂා කරන්න ඕනේ. ඔවුන්ට සාධාරණ මිලක් ලබාදෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපිට සිදුවෙන්නේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනයේ මිල හැම විටම යම් තැනක කළමනාකරණ කරගන්න. ඒ අවශ්‍යතාවය නිසා තමයි තිරිඟු පිට සඳහා තිබුණු රේගු බදු නිදහස රුපියල් 3 අපි ඉවත් කළේ. ඒ අනුව තිරිඟු පිටි සඳහා වූ රුපියල් 3ක ඒ බද්ද අය වෙනවා. හැබැයි එයින් තිරුඟු පිටි මිල වැඩිවෙන්න කිසිදු හේතුවක් නැහැ. මොකද මේ වෙලාවේ ඩොලරයේ අගය අඩුවීමක් සමග රුපියලේ අගය වැඩිවීමත් එක්ක තිරුඟු පිටි කියන්නේ සම්පූර්ණයෙන් පිට රටින් ගෙන්වන ආනයනිත ද්‍රව්‍යක්. ඒ නිසා ඒ රුපියලේ අගය වැඩිවීම ඩොලරයේ අගය අඩුවීම සෘජුව දැනෙන ද්‍රව්‍යයක්. ඒ නිසා ඒ වෙනසක් සමග ඇතිවන වාසිදායක තත්ත්වය නිසා තිරිඟු පිටි මිලත් මේ නිසා වැඩිවෙන්නේ කිසිදු හේතුවක් නැහැ. ඉතින් ඒ තුළ තමයි අපි කළමනාකරණ කර ගන්න බලන්නේ.''

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්