The Leader News
BREAKING
Top Ad
පුවත්

සලේ දැමූ හදිසි පෙත්සම 17 වැනිදාට කල්යයි! - PTA රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ දරුණු නීති සටනක්

T

The Leader Desk

July 14, 2026 • 10:23 AM

සලේ දැමූ හදිසි පෙත්සම 17 වැනිදාට කල්යයි! - PTA රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ දරුණු නීති සටනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව හිරකරගෙන සිටීම නීතිවිරෝධීයි" - රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රබලයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කළ දීර්ඝ දේශනය
  • අද දින උසාවියේදී සිදුවූ නීතිමය තර්ක සහ දේශන මෙම ආන්දෝලනාත්මක පෙත්සම අද (ජූලි 14) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය අතර දැඩි නීතිමය වාද විවාද මතු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (ජූලි 14) දවස පුරා සිදුවූ කරුණු දැක්වීම්වලින් පසු අභියාචනාධිකරණයේ අවසන් තීන්දුව මේ මස 17 වැනිදා සිකුරාදාට; පාස්කු යුක්තියේ අලුත්ම හැරවුම



පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන නවතම පුළුල් විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට (Detention Orders) එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම එළඹෙන ජූලි 17 වැනිදා දක්වා අභියාචනාධිකරණය විසින් කල් තබනු ලැබීය.

තමන්ව මෙම බරපතළ වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සැරසීම හෝ රඳවා ගැනීම නීති විරෝධී බව පවසමින් හිටපු බුද්ධි ප්‍රධානියා විසින් මෙම නීතිමය ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

අද දින උසාවියේදී සිදුවූ නීතිමය තර්ක සහ දේශන

මෙම ආන්දෝලනාත්මක පෙත්සම අද (ජූලි 14) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය අතර දැඩි නීතිමය වාද විවාද මතු විය.

සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥයා:
පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අද දින විවෘත අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වමින්, තම සේවාදායකයාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමට උත්සාහ කිරීමේ පවතින නීතිමය දෝෂ සහ පදනම් විරහිත භාවය කරුණු සහිතව පැහැදිලි කළේය.

17 වැනිදාට කල්තැබීම:
පෙත්සම්කාර පාර්ශවයේ එම දීර්ඝ නීතිමය තර්ක සහ දේශන සටහන් කරගැනීමෙන් අනතුරුව, මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම් සහ වගඋත්තරකාර රජයේ පාර්ශවයේ කරුණු දැක්වීම් සඳහා නඩුව ලබන 17 වැනිදා සිකුරාදා දක්වා කල්තැබීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සහ ඊට උඩගෙඩි දුන් බුද්ධි අංශ නිලධාරීන් සෙවීම සඳහා වත්මන් රජය විසින් ආරම්භ කර ඇති විශේෂ විමර්ශන මාලාව හමුවේ, හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා අධිකරණයෙන් ඉල්ලා සිටින මෙම හදිසි සහන නියෝගය කුමන හැරවුමක් ගනු ඇත්දැයි නීති ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...