මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දීමේ වැඩපිළිවෙළක්

ආරම්භ කළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කීවාය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව සහ අවායා ආයතනය ඒකාබද්ධව සංවිධායනය කරන පාසල් දරුවන් පෝෂණය කිරීමේ වැඩසටහන යටතේ මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් වන තෙන්නියකුලම් දෙමළ විද්‍යාලය සහ තෙරාවිල් දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණය කටයුතු සඳහා හිටපු ජනාධිපතිනිය සහභාගී වූවාය.

එහිදී එම පාසල් වල ක්‍රීඩා පහසුකම් සංවර්ධනයට මෙන්ම ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ජීවනෝපාය ඵදායීතාව ඉහල නැංවීමට අවශ්‍ය කටයුතු ද ආරම්භ කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කීවාය.

(lankadeepa.lk)

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates