හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ එක්ව දේශපාලන ගමනක් යාමට තමා තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.



පක්ෂ පාට භේද වලින් තමාට වැඩක් නැතැයි ද ඉදිරියේදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමඟ එක්ව දේශපාලන ගමනක් යන බවද වඩිවේල් සුරේෂ් වැඩිදුරටත් කීය.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ ඊයේ පැවති රැස්වීමකට ද වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා සහභාගී විය.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.

'' හරීන් ඇමති වැඩකරන්න දක්ෂයි. මාධ්‍යට මෙතැන ප්‍රශ්නයක් එයි වඩිවේල් සුරේෂ් මෙතැන ඉන්නේ කියලා. මට ඒ පක්ෂය මේ පක්ෂය කියලා නෑ. මම හරීන්ගේ පක්ෂයේ. ඒක හොඳට දාන්න. ඒක එයා හොඳට දන්නවා. අපි ඉදිරියට එකට තමා යන්නේ. ඡන්දේ ඉල්ලන්නෙත් හරීන් ප්‍රනාන්දු ඇමතිතුමා එක්ක. මට ලාංඡන, පක්ෂ ප්‍රශ්නයක් නෙමෙයි. එයා එක්ක තමා ඒ ගමන යන්නේ. අපේ වෘත්තීය සමිති සභාපතිතුමා, මහලේකම්තුමා එක පැත්තක ඉන්න බෑ. දෙන්නම එකපැත්තේ තමා ඉන්න ඕනේ. ඒකත් අපි තේරුම් අරගෙන තියෙන්නේ. වේලාව හරියට එද්දි අපි දෙගොල්ලෝම එකට යන්නේ.''




JW

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය