දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 125ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මගින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අද (මැයි 18) එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතව ඇත.


 

JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates