අතීතයේ සිදු වූ වැරදි අපට ආපසු හැරවිය හැකි බව අවධාරණය කරන ජනාධිපති වික්‍රමසිංහ, රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ සමඟ එක්ව කටයුතු කරන්නයි අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුවරුන් ඉල්ලා සිටියි.



ඉදිරියටත්, කැබිනට් අමාත්‍යාංශ 30 ක් පමණක් තිබීම ප්‍රමාණවත් බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ, මෙම පවතින තත්ත්වය ඉදිරියට ද පවත්වාගෙන යා යුතු බවය.

දැනටමත් පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන මෙන්ම වාරිමාර්ග සහ මහවැලි එක් අමාත්‍යාංශයක් යටතට පත්ව ඇති අතර වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත ද එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතු බව ජනාධිපති  වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග ඊයේ (17)  පැවති සාකච්ඡාවකදී යි.

"අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත්කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා.''

''රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.''

 

බිඳ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදා කර ගත හැකි බව ද, ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

 

''පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදුවන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. අපට කාලයක් සිදුවුණා යම් යම් කටයුතු සඳහා මුදල් ලබාදීමට. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි."

PHOTO 2023 05 18 10 07 20 1

PHOTO 2023 05 18 10 07 19 1

PHOTO 2023 05 18 10 07 19


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්