අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඉවත්වී ළඟදීම නව කැඳවුම්කරුවෙක් පත්වීමට නියමිත බව වාර්තාවේ.


අන්තරේ වත්මන් කැඳවුම්කාර වසන්ත මුදලිගේ ගේ නිල කාලය අදින් (මැයි 18) අවසන් වේ.

අලුතින් කැඳවුම්කරුවකු පත්කරගැනීම සම්බන්ධයෙන් පසුගිය 14 (ඉරිදා) පැවති අන්තරේ සැසියේදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇතැයි පැවසේ.

ඒ අනුව, මැයි 20 කැලණිය විශ්වවිද්‍යාලයේදී මෙම නව පත්වීමේ අවස්ථාව සිදුකිරීමට සූදානම් කොට ඇතැයි ද වාර්තාවේ.

මෙහිදී ඇතැම් විශ්වවිද්‍යාල මෙම ඡන්ද විමසීමේ අවස්ථාවට සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇතැයි ද පැවසේ. එසේ තීන්දුවක් ගෙන ඇත්තේ පසුගිය කාලයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත් දේශපාලන ක්‍රියාමාර්ග වලට එකඟ නොවීම නිසා බව සඳහන් වේ.

වාර්තාවන ආකාරයට රජරට විශ්ව විද්‍යාලයේ හේෂාන් හර්ෂණ හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මධුශාන් චන්ද්‍රජිත් හෝ විවෘත විශ්වවිද්‍යාලයේ මොහොමඩ් රිෆාත් (Rifath sparrow -බයිරා) යන ශිෂ්‍ය නායකයින්ගෙන් අයෙකු නව කැඳවුම්කරු ලෙස පත්වීමට බොහෝදුරට ඉඩඇති බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඔවුන් තිදෙනාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වන අතර පේරාදෙණිය, රජරට, කැලණිය, අග්නිදිග, නැගෙනහිර, වයඹ විශ්ව විද්‍යාලවල හා විවෘත විශ්ව විද්‍යාලයේ සහය ඔවුන් වෙත ලැබී ඇතැයි වාර්තාවේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය (SSU) ද අනෙකුත් විශ්ව විද්‍යාලවල සහයෙන් විශ්ව විද්‍යාල තුල දේශපාලන බලය අත්පත්කර ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කෙසේවුවද අලුතින් කැඳවුම්කරුවකු පත්කරගන්නා තෙක් වසන්ත මුදලිගේ වැඩබලන කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ඇති බවද වාර්තාවේ.


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්