කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (19) රාත්‍රියේ පැවැත්වූ විරෝධතාවක් අතරතුරු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට

ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, ඒ අතර පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්ද වන බවයි.

විරෝධතාව පාලනයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුළු තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ ය.

ශිෂ්‍ය මර්ධනයට හා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණි.

විරෝධතාව පාලනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලය අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබූ අතර, ඊට පොලීසිය මෙන්ම පොලිස් කැරළි මර්දන නිලධාරීන්ද ස්ථාන ගත කර තිබුණි.


පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් රෝහලේ !


අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ යුතු ජනරාශියක සාමාජිකයින්ව සිටිමින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.

මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවය සමඟ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවය.

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය