මෙරට සම්මානිත වෛද්‍යවරයෙකු හා වෛද්‍ය අධ්‍යාපනඥයෙකු වන මහාචාර්ය ඉන්දික කරුණාතිලක

පසුගිය 26 වනදා සිංගප්පූරුවේ ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සම්මන්ත්‍රනයේ සමාරම්භක සැසියේදී උපදේශන, නවෝත්පාදන හා නායකත්ව බුහුමනින්, Mentorship, Innovation and Leadership in Educational Scholarship (MILES) award පිදුම් ලැබීය.

MILES සම්මානය වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී උපදේශනය, නවෝත්පාදන සහ නායකත්වය පෙන්නුම් කළ පුද්ගලයින්ට ලබා දෙන ඉහළම  පිළිගැනීමයි.

මෙම කීර්තිමත් සම්මානය මීට පෙර ලැබූවන් අතර බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය රොනල්ඞ් හාර්ඞ්න්, ඇමෙරිකානු ජාතික මනෝ විශේෂඥ වෛද්‍යවරයෙක් වූ මහාචාර්ය ජෝන් නොර්සිනි, මහාචාර්ය සීස් වැන්ඩර් සහ මහාචාර්ය ජෙෆ් නෝමන් යන කීර්තිමත් වෛද්‍ය පර්යේෂකයන්ද  වේ.

එවැනි කීර්තිමත් වෛද්‍ය අධ්‍යාපනවේදීන් පිරිසක් සමඟ ලැයිස්තුගත වීමට ලැබීමම මහාචාර්ය ඉන්දික කරුණාතිලකට මෙන්ම පොදුවේ අප රටටද ලැබුණු ගෞරවයකි.

මහාචාර්ය ඉන්දික කරුණාතිලක කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨායේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ මහාචාර්යවරයා වශයෙන් මේ වන විට කටයුතු කරන අතර කොළඹ විශ්ව විද්‍යාලයේම පිහිටුවා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ සහයෝගිතා මධ්‍යස්ථානයේ අධිපතිවරයා වශයෙන්ද ක්‍රියා කරයි.

එසේම මහජන සෞඛ්‍ය සම්බන්ධ ආසියා ශාන්තිකර ශාස්ත්‍රීය එකමුතුවේ මහලේකම්වරයා වශයෙන්ද කටයුතු කරන මහාචාර්ය ඉන්දික කරුණාතිලක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරන ලද අතර වෛද්‍ය අධ්‍යාපනඥයන්ගේ විද්‍යායතනයේ සමාරම්භක හා වත්මන් සභාපතිවරයා වශයෙන්ද ක්‍රියාකරයි.

0001000 1

0001000 2

බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්ය රොනල්ඞ් හාර්ඩන් වෛද්‍ය අධ්‍යාපනයේ බහුලව භාවිතා වන තක්සේරු ක්‍රමයක් වන Objective Structured Clinical Examination (OSCE)  වෛද්‍ය අධයාපනයට හඳූන්වා දෙමින් වෛද්‍ය ශිෂ්‍යයන්ගේ සායනික කුසලතා සහ නිපුණතාවය ඇගයීමේ සාර්ථක ක්‍රමවේදයක් හඳූන්වා දුන් විද්වතා වෙයි.

ඇමෙරිකානු ජාතික මනෝ විශේෂඥ වෛද්‍යවරයෙක් වූ මහාචාර්ය ජෝන් නොර්සිනිMini Clinical Evaluation Exercise (Mini CEX) ආකෘතිය වෛද්‍ය අධ්‍යාපනයට හඳූන්වා දුන් පුද්ගලයා වෙයි. එයද කුසලතාවය හා නිපුණතාවය තක්සේරු කරන වෛද්‍ය අධ්‍යාපනයේ වත්මන් ආකෘතියකි.

ඕලන්ද ජාතික මනෝ විද්‍යාඥයෙකු වූ මහාචාර්ය සීස් වැන්ඩර් ගැටලු‍ මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලිය Problem-based learning (PBL) වෛද්‍ය අධ්‍යාපනයට හඳූන්වා දුන් විද්වතා වෙයි.

කැනේඩියානු ජාතික මහාචාර්ය ජෙෆ් නෝමන් සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපන ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් වෛද්‍ය විශාරදයෙකි.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්