පසුගිය අසීරු සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සන්ධානයේ (පොහොට්ටු සන්ධානයේ) දේශපාලන පක්ෂ සමග එක්ව

ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටි පුද්ගලයින්ට පිටින්, බාහිර පුද්ගලයින්ට මහ මැතිවරණයේදී 'පොහොට්ටුවෙන්' නාමයෝජනා නොදෙන්නැයි ආණ්ඩු පක්ෂයේ බලධාරීන්ට බලපෑම් කිරීමේ විරෝධතාවයක් මේවනවිට ආරම්භවී තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී සෑම දිස්ත්‍රීක්කයකටම වියතුන් දෙදෙනෙකු හා ජනප්‍රිය තරුණයකු හෝ තරුණියක 'පොහොට්ටු' පක්ෂය හරහා ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි මාධ්‍ය ඔස්සේ වාර්තා පළවීමත් සමග නාමයෝජනා බලාපොරොත්තුව සිටි පොහොට්ටුවේ ක්‍රියාකාරී ඇතැම් පිරිස් දිස්ත්‍රීක් මට්ටමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරි මහ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව එම දිස්ත්‍රික්කය තුළින්ම දැඩි විරෝධයක් මතුව ඇත්තේ ඒ අනුවය.

පසුගියදා පැවති බෙන්තර දළදා පෙරහැරට ඔහු සහභාගී වූ හෙයින් බෙන්තර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සියලු මන්ත්‍රීවරුන් පෙරහැරට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබු බව වාර්තා වේ.

''පැරිෂුට් කාරයෝ ගාල්ලට එපා'' යනුවෙන් සමාජ ජාල ඔස්සේ ද ඔහුට එරෙහිව පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විරෝධය පළ කර තිබිණ.

 

ඒ අතර තිලකරත්න ඩිල්ෂාන් මාධ්‍ය ඔස්සේ පවසා තිබුනේ මෙවැන්නකි.

“ජනපතිතුමත් හමුවුණා, අගමැතිතුමත් හමුවුණා. ඒ දෙපළගෙන්ම ආශීර්වාදයක් තිබෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මේ වන විට සූදානමින් පසුවෙනවා ඉදිරි මැතිවරණයේදි පොහොට්ටුවෙන් තරග කරලා ජනපතිතුමාට තවත් තරුණ ශක්තියක් වෙන්න.

ආරංචිය තමයි ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන්න කියලා. දේශපාලනයට එද්දී වැඩපිළිවෙළක් නැතිව එන්න බෑ. ඒ වැඩපිළිවෙළ සකස් වෙනවා. ඉදිරියේදී ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. වැටිලා තිබෙන ක්‍රීඩාව නැවත ගොඩනංවන්න බලාපොරොත්ත වෙනවා.”

කෙසේ වෙතත් මීට ඉහතදී තිලකරත්න ඩිල්ෂාන් YouTube නාළිකාවක් හා සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් ( සිස්ටම් එකක්) නොමැති හෙයින් තම දරුවන්ට සිස්ටම් එකක් පුරුදු කිරීමටත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් ඔවුන්ව ඔස්ට්‍රේලියාවට යොමුකර ඇති බවයි. ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් එහිදී ඔහු සඳහන් කළේය.

(මුලාශ්‍රය - lankaleadnews.com)

 

 සබැඳි පුවත්

මහ ඡන්දය : පොහොට්ටු සන්ධානයෙන් වියත්මඟට විරෝධයක් !

''ජනපතිට හයිය දෙන්න අලුත් පිරිසක් මැතිසබයට පත්කරන්න'' - ගෝලීය ශ්‍රී ලංකා සංසදය

මහ ඡන්දය : සෑම දිස්ත්‍රීකයකටම 'වියත්මඟ' දෙදෙනෙක්! - ජනාධිපතිට හයිය දෙන්න තරුණ ජාලයක්!!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්