ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන මෙන්ම නෙළුම් කුළුණ ඇතුලත් කළම්බු ලෝටස් ටවර් සමාගම ඇතුළු රජයට සම්බන්ධ ආයතන 12 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ගෙන ඇත.



ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.

මුදල් අමාත්‍යංශය යටතට පවරා ගත් සෙසු ආයතන අතරට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ද ඇතුලත් වේ.

 මීට අමතරව නෝර්ත් සී ලිමිටඩ්, ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම, පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ්, සීමා සහිත ඊක්‍ක්‍ සමාගම ද මුදල් අමාත්‍යංශය යටතට පවරාගෙන ඇත.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය සහ සීමාසහිත ලංකා ජෙනරල් ට්‍රේඩින්  සමාගම ද මුදල් අමාත්‍යංශය යටතට පවරා ගැනීමටයි තීරණය කර තිබේ.


2334 07 S page 0001

2334 07 S page 0002

 2334 07 S page 0003

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්