ඉදිරි මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පසුගිය රජය විසින් අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවලියට සංශෝධන ඉදිරිපත් කිරීමට

කටයුතු කරන බවට රජයේ යම් පාර්ශව විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊට එරෙහිව ආණ්ඩුවේ පාර්ශව තුලින්ම  විරෝධය එල්ලවී ඇත.

අද (02) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සහ ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයින් සඳහන් කළේ සංශෝධන ඉදිරිපත් කිරීම යනු ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමාන ක්‍රියාවක් බැවින් එය පසුගිය රජය විසින් යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට වඩා භයානක වන බව ය.

ඊට හේතුව සම අනුග්‍රහය දැක්වීමේදී සිදුවන්නේ වෙනත් රටකින් ඉදිරිපත් කරන යෝජනාවකට එකඟ වීම වුවත් සංශෝධනය කිරීම ප්‍රති යෝජනා ඉදිරිපත් කිරීම මගින් එම යෝජනාව ශ්‍රී ලංකාව විසින්ම ඉදිරිපත් කරන්නක් ලෙස සැලකීමට ලක්වන බව එම සංවිධාන පවසති.

අද පැවති මාධ්‍යහමුවට ගෝලීය ශ්‍රීලාංකික සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් යසස් ධර්මදාස, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, ජිනදාස ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතීඥ කල්‍යානන්ද තිරානගම යන අය සහභාගී වී සිටියහ.

අද දිවයින පුවත්පතේ  පළවූ මේ හා සබැඳි  ලිපියට මෙතැනින් පිවිසෙන්න

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්