මොන උප්පරවැට්ටි දැමුවද ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, ඒ වෙනුවෙන් විපක්ෂය එකාමෙන් කටයුතු කරන බවත් නිදහස් ජනතා සභාවේ මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි.



ආණ්ඩුවට මැතිවරණ තැබීමට සල්ලි අවශ්‍ය තරම් තිබුනත් එය නොකරන්නේ ඡන්ද නොමැතිකම හේතුවෙන් බවත් පැවසු මහාචාර්යවරයා, ලබන වසරේ ඔක්තෝම්බර් මාසේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එසේ නොකරනවා නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් කියා සිටියි.

මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට අවශ්‍ය සහයෝගය නිදහස ජනතා සභාව ලබා දීමට සූදානම් බවත්, මහජන පරමාධිපත්‍යය සුරක්ෂිත කිරීමට විපක්ෂය අත්වැල් බැඳගෙන ඇති බවත් මහාචාර්යවරයා එහිදී සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මැතිවරණ සඳහා ජනතා උනන්දුවක් නැති බව කිසිසේත් පිළිනොගන්නා බවත් ඔහු සඳහන් කළේය. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා පිළි නොගන්නා තත්වයකට වත්මන් ආණ්ඩුව පත්වෙලා
 
වත්මන් ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා පිළි නොගන්නා තත්වයකට පත්ව ඇති බව සඳහන් කල මහාචාර්යවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමෙන් උත්සාහ ගත්තේ යම් ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ බලය හීන කරන්න දැයි සැකයක් මතුවන බව ද කියා සිටියේය.

සර්ව සාධාරණ තොරතුරු මහජනතාවට ලබා දුන් මාධ්‍ය මර්දනයට ගන්නා උත්සාහයට කිසිසේත් ඉඩ නොතබන බව පැවසු ඔහු යෝජිත විකාශන අධිකාරිය පනත සම්මත වුවහොත් මාස හයක් යන විට මාධ්‍ය ආයතන 33 ක බලපත්‍ර අහෝසි වන බව ද කියා සිටියේය.

ආණ්ඩුව පවසන ආකාරයට අකාරයට විකාශන අධිකාරී පනත පනතක් නොවන බවත් ඒ යෝජනා මාලාවක් බව ප්‍රකාශ කිරීම කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු පැවසිය.

මහ ජනතාවට අහිතකර අණපනත් කිහිපයක් ආණ්ඩුව ඉල්ලා අස්කර ගැනීමට සිදුවූයේ විපක්ෂයේ සියලු දෙනා සියලු දෙනා එක තීරණයක සිට කටයුතු කළ නිසා බවත්, ජනතා ගැටලු විසඳීම වෙනුවට ආණ්ඩුව කරන්නේ විවිධ අණපනත් මගින් මහජනතාව මර්දනය කිරීම බවත්,  එයට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කළේය.


 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්