සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන

ජලනි ප්‍රේමදාසට, එම මෙහෙවර අගයා තෛයිනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනැමීම, ජුනි 17 දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේදී සිදුවිය.


තුන් මසක් මුළුල්ලේ වස් වසන මහා සංඝයා වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කරමින්, සිවුරු පිරිකර පිළිගන්වමින්, සෑම වසරකම තන්තිරිමලේ රජමහ විහාරය ප්‍රධානව කඨින මහා පිංකම් සිදු කිරීමත්, ආවාස ගෙවල් තනවා පූජා කරමින්, තවත් විටෙක ගරා වැටුණු ආවාස ගෙවෙල අලුත්වැඩියා කරලීමත් ඇය මහා සඟරුවන වෙනුවෙන් සිදු කළා වූ සුවිශේෂී පූජාකර්මයන් වේ.

මහියංගනය රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ජලනි ප්‍රේමදාස පසුගිය වසරේ සුවිශේෂී අටමහ කුසල් සපුරන කඨින පූජොත්සවයක් පැවැත්විය.

ජලනි ප්‍රේමදාස ගේ සංකල්පයක් මත ඇරඹි “Project She” ඔස්සේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් සිදුකරණ සේවයත්, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් සිදුකරණ සේවයත් ඇයගේ සමාජ සේවා මෙහෙවරේ සුවිශේෂී මං සළකුණු වේ.

හරි නම් ජලනි ව හඳුන්වන්න ඕන , "ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී ජලනි ප්‍රේමදාස " ලෙස යයි ලීඩර් ඇත්ත First සටහන් කර තිබේ.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්