ගෝඨාභය රාජපක්ෂ ට අත්වූ ඉරණම ජනාධිපති වික්‍රමසිංහට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

දැන් තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව මිනිස්සුන්ට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් බවද  ඒ නිසා මැතිවරණ කාලෙට පමණක් දේශපාලනය කරමු යැයි අලුත්ගමගේකීය.

"සුරංනා කතා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් රටට, ගමට වැඩක් වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදියි. ගමේ කොල්ලට, කෙල්ලට රස්සා ලැබුනේ ඒ කාලෙදියි.  සමගි ජන බලවේගය, සජිත් ප්‍රේමදාස මහත්තය ගැන කතා කරල වැඩක් නෑ. ඒක නිකං කාලය කා දැමීමක්. හෙට අනිද්දට ඔහුගේ 60,70ක පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඉඳගනීවි. ඔහුට තමන්ගේ සගයෝ ටික තියාගන්න බෑ.

ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පතිවත දැන් එළිවෙලා ඉවරයි. ඒක නිසා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වල හිටපු මිත්‍රයොත් අද අපේ රැස්වීමට ඇවිල්ලා යනුවෙන් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්