රුසියාවට එරෙහිව එරට වැග්නර් කුලී හමුදාව ආරම්භ කළ කැරැල්ල පසුබැස ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



විදෙස් මාධ්‍ය පවසන්නේ, වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් විසින් සිය හමුදාව යළි කැඳවා ඇති බවයි.

ඒ අනුව රොස්ටොව් සිට මොස්කව් බලා ගමන් කරමින් සිටි වැග්නර් හමුදාව රුසියාවට කිලෝමීටර් 200 ක් පමණ ඉතිරිව තිබිය දී ආපසු හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එලෙස පැමිණි ඔවුන් යළි යුක්රේනයේ පිහිටි සිය කඳවුරු වෙත ගමන් කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් යළි යුක්රේනය බලා ගිය වැග්නර් හමුදාවට රොස්ටොව් නගරයේ වැසියන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිවීම විශේෂත්වයකි.

ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ ඔවුන් රුසියාවෙන් පිටවුණේ රොස්ටොව් වැසියන්ගේ ඔල්වරසන් මධ්‍යයේ බවයි.

මගදෙපස රැස්ව සිටින රොස්ටොව් ජනතාව වැග්නර් හමුදාවට සුබපතන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් ඇතැමෙකු වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින් වෙත අතට අත දෙමින් සුබ පතන ආකාරයත්, සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

fgdgf

xfgdgh

කෙසේවෙතත් වැග්නර් හමුදාව රුසියාවෙන් පිටව යාමට තීරණය කර තිබුණේ බෙලරූස් රාජ්‍යයේ නායක ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ ගේ මැදිහත්වීම මතයි.

එහෙත් පසුබැස යාම වෙනුවෙන් වැග්නර් ප්‍රධානියා බෙලරූස් ජනාධිපතිවරයා සමග එළඹි එකඟතා මොනවාදැයි අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම් කැරැල්ලට එක්වූ වැග්නර් හමුදාවට එරෙහිව චෝදනා ගොනු නොකරන බව ද රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත.

කෙසේවෙතත් රුසියානු පාලන තන්ත්‍රයේ කිසිඳු වෙනසක් සිදු නොවන බව ක්‍රෙම්ලිනය තහවුරු කර තිබේ.

වැන්ගර් කුලී සේනාංක යනුවෙන් හඳුන්වන්නේ යුක්‍රේනය තුළ රුසියානු හමුව සමග එක්ව  මෙහෙයුම්වලට එක් වූ කුලී යුද සේනාංකයකි.

(nethnews.lk)

සබැඳි ලිපි

පුටින්ගේ; අරක්කැමියා ගේ කැරැල්ල - (අනුරුද්ධ ලොකුහපුආරච්චි)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්