පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබුවේ බලපත්‍ර යාවත්කාලීන නොකරන ලද පිස්තෝලයක් ළඟ තබාගැනීමේ චෝදනාව මත බවට පොලිසිය විසින් කරනු ලබන ප්‍රකාශය අසත්‍ය යයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මහනුවරදී ඊයේ (05) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු එබව අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.
වීඩියෝ

                    

කෙසේනමුත් රන්ජන් රාමනායකව අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් මුලස්ථානය මඟින් නිකුත් කල මාධ්‍ය නිවේදනයේ සඳහන් වුයේ බලපත්‍ර රහිතව සන්තකයේ තබා ගත් පිස්තෝල ගිනි අවියක් සහ එම අවියට භාවිතා කරන 9MM උණ්ඩ 127 ක් සහ සැකකටයුතු ලිපි ලේඛන හේතුවෙන් අත් අඩංගුවට ගත බවයි.

රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක්- ෂෙහාන්

මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ, රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස ජනාධිපතිවරයා ප්‍රධාන රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය හැකි බවත් මෙම ක්‍රියාදාමයට අත දී ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව විමසීමක් කිරීමට සිදුව ඇති බවත්ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05දා) අනුරාධපුරයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමිනි.

''අපි පොලීසියට ස්වාධීනව කටයුතු කරන්නට අවස්ථාව ලබා දී තිබෙනවා. රජය අපකීර්තියට පත් නොකර පොලිස් දෙපාර්තමේන්තුවද සිය වගකීම අපක්ෂපාතීව ඉටුකරන්නේ ද යන්න පිළිබදව අපි විමසිල්ලෙන් බලා සිටිනවා” යයි ෂෙහාන් සේමසිංහ ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිසිය එයාලගේ වැඩේ ලස්සනට කරනවා! – ඩලස්

මේ අතර මාතර මාලිම්බඩ සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ඩලස් අලහප්පෙරුම ඊයේ (05) පැවසුයේ, පොලීසිය ඔවුන්ගේ පාඩුවේ වැඩ කරමින් සිටින විට දේශපාලකයන් ලෙස තමන් වැන්නවුන් තමන්ගේ පාඩුවේ ජනතාව අතරට එමින් සිටින බවයි.

ජනතාව ඉල්ලා සිටියේ එවැනි වෙනසක් නොවේදැයි අමාත්‍යවරයා සභාවෙන් විමසා සිටියේය.

ඇත්ත කියන්නේ කව්ද ?  SL VLOG විග්‍රහය මෙන්න !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට හේතුවූ කාරනා සම්බන්ධයෙන් පොලිසිය හා රජයේ පාර්ශව මෙසේ එකිනෙකට පරස්පර කතා කියද්දී ජනප්‍රිය දේශපාලන වැඩසටහනක් වන SL VLOG හි දර්ශන හදුන්ගොඩ එම කාරණය පැහැදිලි කරන්නේ මෙසේය.

වීඩියෝ  

                    
සබැඳි පුවත්:
රන්ජාට ඇප ලැබේ : විපක්ෂ නායක සජිත් එළිවෙන තෙක් පොලිසියේ 

රංජා අත්අඩංගුවට ගැනීම: 'පොලීසිය යන්නේ වැරදි පාරේ' -රාජ්‍ය ඇමති කාංචන

ප්‍රභූන් කැළඹේ : ෂර්මි කුමාරිගේ ගණිකා නිවසට ගිය අයත් රන්ජන්ගේ DVD වලින් මාට්ටු !

මම ගිහිං එන්නම් මල්ලි...: ගෝඨාගේ පාලන ව්‍යුහය 'ජෝක්' එකක් වෙන්න ඇරීම 

රංජන් අද අධිකරණය හමුවට :'පොහොට්ටුවාදියොත්' නොසතුටින්' - ලංකා සී නිව්ස් කියයි 

රංජා ළඟ තිබ්බ අසභ්‍ය තැටි වලින් රජය අපහසුතාවයට පත්වුනේ කෝමද ? 'කන්පියුස්' නැද්ද ?

රන්ජන් දෙන ආතල් : මාංචු දාන්න හදන පොලිස් නිලධාරියට 'හග්' එකක් ! 

රන්ජන් රාමනායක අත්අඩංගුවට : රජය අපහසුතාවයට පත්කරන බවට චෝදනා (ජයාරූප මෙන්න)

රන්ජන්ගේ නිවස වටලයි :අත්අඩංගුවට ගන්න ඉහල නියෝගයක් අපේක්ෂාවෙන්! (VIDEO)

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්