රජයේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) හා ජාතික රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය නාළිකා දෙකෙහි සභාපතිවරුන් ඉල්ලා අස්වී ඇති අතර ඒ වෙනුවට අලුත් සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට නියමිතව ඇතැයි

වාර්තා වේ.

 එම ආරංචි මාර්ගවලට අනුව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ලෙස කටයුතු කළ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට සිය ඉල්ලා අස්වීමේ ලියුම ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත යොමුකර ඇති අතර ජාතික රූපවාහිනී සභාපති ඩබ්ලිව්. බී. ගනේගල සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දින බාරදීමට නියමිත බවද වාර්තා වේ.

 ජාතික රූපවාහිනි සභාපති ලෙස ලංකාබෙල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ප්‍රසාද් සමරසිංහ සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ලෙස මහා­චාර්ය හරේන්ද්‍ර කාරියවසම් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වන අතර ඔවුන් දෙදෙනාම බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සමීප මිතුරන් බව ද ආරංචි මාර්ග වාර්තා කරයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්