එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් කොමිසම විසින් පවත්වනු ලබන වැදගත් අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමක් සිදුකර ඇති දැයි සොයා බැලීම පිණිස විශේෂ විමර්ශනයක් පැවැත්වෙන බව පොලිසිය පවසයි.

text 6 3. 1පොලිසිය පවසන පරිදි මෙම විමර්ශන ආරම්භ වී තිබෙන්නේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පොලිසියේ ප්‍රධානීන් සමඟ සහ අධිකරණ ක්ෂේත්‍රයේ පිරිස් සමග සිදුකළ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පොලිසිය වෙත ලැබීමෙන් අනතුරුවය.

මෙම විමර්ශනයේ පියවරක් ලෙස පසුගිය සෙනසුරාදා පොලිසිය විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබූ අතර, එහිදී පොලිසිය විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිණ.

විමර්ශනවලට සම්බන්ධ තවත් සංවාද ඇතුළත් බවට සැක කරන සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටොප් පරිගණකයක් සහ බලපත්‍රය කල් ඉකුත් වූ ගිනි අවියක් ඇතුළු භාණ්ඩ ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඉරිදා අධිකරණයට ඉදිරිපත් කෙරුණ මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

හඬපට ගැන විශේෂ විමර්ශනයක් !

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකථන සංවාද විමර්ශනය කර ඔහු අපරාධ විමර්ශනවලට මැදිහත්වී තිබේ ද යන්න හා එම විමර්ශන පැවැත්වීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ අපහාසය ජනිතවන ආකාරයෙන් යුක්තිය පසිඳලීම සිදුකිරීම සඳහා රජයේ නිලධාරීන් සමග කුමන්ත්‍රණය කර ඇත්දැයි යන්න තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිසිය පවසයි.

කෙසේවුවද, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී නිල නිවසේ තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ DVD හඬපට බොහොමයක් මේවනවිට ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණ විනිසුරුවරියක් සහ අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් සමග සිදුකළ බව පැවසෙන දුරකථන සංවාද කිහිපයක හඬපට ඒ අතර වේ.

ආණඩුවට හිතවත් සමාජ මාධ්‍ය හරහා මෙම වීඩියෝ පට විකාශය කරමින් ආණ්ඩුව අධිකරණ විනිසුරන් හා අපරාධ විමර්ශන කොට්ටාශයේ එවකට සිටි ප්‍රධානීන් 'බ්ලැක්මේල්' කිරීමේ මෙහෙයුමක යෙදී සිටින බවට ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කරති.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති lankadaily.com කර්තෘ, මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන, මෙසේ විමසා තිබේ.

පොලිස් අත්අඩංගුවේ තියෙන හඬ පට එළියට දාන්නේ
දේශපාලන මැදිහත්වීම මත නෙවෙයිද?  
මේවා අධිකරණයට කරන බලපෑම් නෙවෙයිද?''
 

 

මෙසේ ඇතැම් මාධ්‍ය විනිසුරුවරියක් ඉලක්කකර ගනිමින් පහරදීම සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබා ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සටහනක් පළකර ඇත.

''විනිසුරුල කියන්නෙ අන්ත අසරණ අය. මොකද ඒ ගොල්ලන්ගෙ දුක්ගැනිවිලි කියන්න කියන්න කිසිම කෙනෙක් නැහැ.
ජැජ් රන්ජන්ට කතා කිරීමේ වරදක් නැහැ, නමුත් දුමින්ද කේස් එක ගැන රන්ජන් ජැජ්ට කතා කිරීම වැරදියි.
ශානිත් කියනවනෙ අනේ බුදු සර් ආයෙ නම් කතා කරන්න එපා කියල. අවුරුදු පහකට ඇතුලට දාන්න පුලුවන් කියල.
ජැජ්ල ඕන තරම් ඒ ගොලන්ගෙ දුක්ගැනිවිලි මාත් එක්ක කියල තියෙනව. සමහර ජැජස්ල පත්තර කන්තෝරුවලටත් එනව.
ඇත්තටම ඒ ගොල්ල ගොලුවො. දුක කියන්න කෙනෙක් නැ.''

 

අත්අඩංගුවට ගත් හඬපට මාධ්‍යයට දුන්නේ කව්ද ?

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට DVD වීඩියෝපට මෙසේ මාධ්‍ය වෙත ලබාදුන්නේ කව්රුන්ද යන කාරණය සම්බන්ධයෙන් ද මේවනවිට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති newstube.lk කර්තෘ මාධ්‍යවේදී සංජය ලියනගේ මෙසේ ප්‍රශ්නකර තිබේ.

රංජන්ගේ හඬපට අන්තර්ජාලය වෙත මුදාහරින්නේ කවුද ?
ඇරෙස්ට් කරපු අයද ?
නැත්නම්...

ඒ අතර සිය FB පිටුවේ සටහනක් පළකර ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරික තරංග ලක්නාත් මෙසේ සටහනක් පළකර ඇත.

ඉස්සර වගේ නෙමයි දැන් නීතිය මාර ස්වාධීනයි

 

Screen Shot 2020 01 06 at 8.43.59 PM

'සැපක් ගන්න' ගිය ප්‍රභූවරුන්ගේ වීඩියෝ 'සීල්' කරලා !

ආණ්ඩුවට මෙතෙක් අවනත කර ගැනීමට නොහැකිවූ පුද්ගලයින්ට අදාල හඬපට මෙසේ සමාජගත කිරීමට කටයුතු කලද, රන්ජන් රාමනායකගේ නිවසින් සොයාගත්තා යයි ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍යවලින් කියා සිටි 'අසභ්‍ය' යයි කියන වීඩියෝ පට කිසිවක් සමාජගත නොකිරීමට බලධාරීන් වගබලා ගෙන තිබේ.

එම වීඩියෝපට ප්‍රකාශයට පත්වුවහොත් වත්මන් ආණ්ඩුවට හිතවත් ප්‍රභූන් කිහිපදෙනෙකුගේ ද 'පැටිකිරිය' රට හමුවේ අනාවරනයවීමේ අවධානම සලකා එවැනි පියවරක් ගෙන ඇතැයි වාර්තාවේ.

රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පරික්ෂා කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය යයි කියවෙන DVD පට අතර අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝ මුදාහරිමින් සිටි ෂර්මි කුමාරි නම් කාන්තාව විසින් ලබාදී ඇතැයි සැක කෙරෙන  DVD පට කිහිපයක් ද තිබුන බවට සැලවීමත් සමග විවිධ ක්ෂේත්‍රවල ප්‍රබලයින් රැසක් බලවත් සේ කලබලයට පත්ව සිටින බව වාර්තාවේ.

සබැඳි පුවත් :

ප්‍රභූන් කැළඹේ : ෂර්මි කුමාරිගේ ගණිකා නිවසට ගිය අයත් රන්ජන්ගේ DVD වලින් මාට්ටු !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්