ශ්‍රී ලාංකික සමාජය එක්සත් කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපනය කරන බව ජනාධිපති වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.


පසුගියදා ප්‍රංශයේ ප්‍රාන්ස් 24 රූපවාහිනිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජිනීවා මානව හිමිකම් කොමිසමේද නිර්දේශ අනුව සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ස්ථාපිත කරන බවද හෙතෙම කියා සිටියේය.

මේ සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ගෙන් උදව් ලබාගැනීමට සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

දැනට කෙටුම්පත් කර ඇති සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමට අදාළ පනත් කෙටුම්පත ලබන අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා කීය.

 අනතුරුව කොමිසම සඳහා නව ලේකම් කාර්යාලයක් ආරම්භ කෙරෙනු ඇතැයි හෙතෙම පැවසීය.



(deshaya.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්