(සජිත් ප්‍රේමදාසට පැහැදිලි කිරීමක්)

ශ්‍රී ලංකාවට යුක්රේනය තරම් ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගැනීමට බැරි වුණේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ජුලි 1දා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයේදී උපහාසයෙන් ඇසීය.

 


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ අරමුදල් පහසුකමක් (Extended Fund Facility – EFF) ලබාගන්නා ලදි. එහිදී අවුරුදු තුනක කාලයක් සඳහා ඩොලර් බිලියන 2.9ක් ලැබී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2023 මාර්තු මාසයේදී අවුරුදු හතරක කාලයක් සඳහා යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 15.6 ක ණයක් EFF ලෙස අනුමත කරන ලදි.

එසේ වූයේ ඇයි?

 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීමේ නිර්ණායකය වන්නේ එක් එක් රාජ්‍යයේ SDR මට්ටමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි SDR (Special Drawing Rights) යනු විශේෂ ණය හිමිකම් යන්නයි. එය සාමාජික රටවල නිල සංචිතවලට අතිරේකව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර සංචිත වත්කමකි. Special Drawing Rights. removebg preview

SDR හෙවත් විශේෂ ණය හිමිකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙනත් සාමාජික රාජ්‍යයන් සමග විනිමය ලෙස හුවමාරු කරගත හැකිය.

SDR කෝටාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මූල්‍ය සහ පාලන ව්‍යුහයේ වැදගත් කොටසකි. එය රාජ්‍යයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ඇති ඡන්ද බලය සහ මූල්‍ය ආධාර සඳහා ප්‍රවේශය තීරණය කරයි.

SDR කෝටාව ගණනය කරනු ලබන්නේ සාමාජික රාජ්‍යයේ පහත දැක්වෙන සාධක සැලකිල්ලට ගෙනයි.

දළ දේශීය නිෂ්පාදිතය
ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
අපනයන පරිමාව
ආනයන පරිමාව
ජාත්‍යන්තර සංචිත
විදේශ ණය
මුල්‍ය අංශයේ සංවර්ධනය


කෝටාව සෑම වසර පහකට වරක් සමාලෝචනය කෙරෙන අතර රටක ආර්ථික හා මූල්‍ය තත්ත්වයෙහි වෙනස්කම් මත පදනම්ව යළි සැකසිය හැකිය.

යුක්රේනයේ SDR කෝටාව 1,928.2 කි.

ශ්‍රී ලංකාවේ SDR කෝටාව මිලියන 578.8 කි.

ශ්‍රී ලංකාවට දළ වශයෙන් අවුරුද්දකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1ක් ණය ලබාගත හැකියි. එය වාර්ෂික විශේෂ ණය ලබාගැනීමේ හිමිකමෙන් (SDR කෝටාවෙන්) 145%කි.


AJITH PARAKUM
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්