දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද (01) පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත විය.

ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවය.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා අවශ්‍ය සියලුම අවසර, මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට ලබාදීම සඳහා වන යෝජනාව ලෙස අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් විසිනි.  

විවාදය අද පෙරවරුවේ සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වුණි. ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන් අනතුරුවය.


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා ඊයේ (ජුනි 30වනදා) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේද අනුමැතිය හිමි විය. ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් එය රැස්වු අතර එහිදී කාරක සභාවේ බහුතර කැමැත්ත යෝජනාවට හිමිවිය.

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනාවලිය ඉකුත් ජුනි 28 වැනිදා විශේෂ කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කෙරුණි.

රජයේ සමස්ත ණය ප්‍රමණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83.67කි. ඩොලර් බිලියන 41.5ක විදේශ ණය ප්‍රමාණයක්ද, දේශීය ණය ඩොලර් බිලියන 42.1 ක් ද ඊට අයත්ය.

මෙම ණය ප්‍රමාණයෙන් බිලියන 19.8ක් පුතිව්‍යුගතකරණය කෙරෙනු ඇත.
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්