විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා වූ සංශෝධන පනත් කෙටුම්පත ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)

අනුමැතිය ඇතිව ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, 'අනිද්දා' විකල්ප ජාතික පුවත්පත කළ විමසීමකදී ය.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඔහුගේ යෝජනාවක් ලෙස එම සංශෝධන ඉදිරිපත් කිරීමට පක්ෂයේ සහාය ලබා දුන් බවයි.

එම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුව වශයෙන් ඔහු ප්‍රකාශ කරන්නේ, පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් නැති තත්ත්වයක් තුළ නිලධාරීන්ගේ පාලනයට ඒවා නතු වී ඇති බැවින්, මහජනතාවට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොමැති වීම බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක රටේ ඇතිවන යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා එම ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඒවායේ සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කර ඇති කාලසීමාව මාස 12ක් ඉක්මවී තිබුණ ද තවදුරටත් අමාත්‍යවරයා තීරණය කරනු ලබන යම් කාලසීමක් සඳහා දීර්ඝ කිරීමට විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර ඇමතිවරයාට බලය ලබාදීම සඳහා මහ නගර සභා ආඥා පනතට, නගර සභා ආඥා පනතට හා ප්‍රාදේශීය සභා පනතට වෙනවෙනම මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත.

ජුනි 26 වන දින රජයේ ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස මෙම පනත් සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදන පහතින්

මහනගර සභා

නගර සභා

ප්‍රදේශීය සභා

 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් 'පැපරල්' සංවිධානය පවසන්නේ, ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරන, ජනතා පරමාධිපත්‍ය නැති කරන මෙම සංශෝධනය පරාජය කළ යුතු බවයි.

මෙම සංශෝධනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය මේවනවිට ප්‍රකාශ කර ඇත.

මේ අතර 'ද ලීඩර් TV' ''truth first''  විශේෂාංගයෙන් අනාවරණය කර ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මෙම යෝජනාව, පොහොට්ටුවේ ප්‍රාදේශය නායකයින් තවදුරටත් පක්ෂය තුළ රඳවා ගැනීමට බැසිල් රාජපක්ෂ විසින් සැලසුම්කල උපායමාර්ගික මෙහෙයුමක් බවයි.


සබැඳි පුවත් :
විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීමේ සුදානමක් !







JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්