The Leader News
BREAKING
Top Ad
පුවත්

හිටපු ජනපති රනිල්ගේ නඩුවේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ ප්‍රතිචාරය අද (18) හෙළිවෙයිද ?

T

The Leader Desk

February 18, 2026 • 3:42 AM

හිටපු ජනපති රනිල්ගේ නඩුවේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ ප්‍රතිචාරය අද (18) හෙළිවෙයිද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සංචාරය සඳහා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනය නිල මට්ටමේ එකක්ද නැතහොත් පෞද්ගලික එකක්ද යන්න තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්නාවලියක් යොමුකර තිබුණි.
  • විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය තීරණාත්මක වෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 4 වැනිදා විද්‍යුත් තැපෑල සහ ගුවන් තැපෑල මඟින් එම විශ්වවිද්‍යාලයේ බලධාරීන් වෙත ප්‍රශ්න 9කින් යුත් ලිපියක් යොමු කළද, පසුගිය නඩු වාරය වන විටත් ඒ සඳහා ප්‍රතිචාර ලැබී නොතිබුණි.
  • හිටපු ජනාධිපති ලේකම් රක්ෂිත බන්ධනාගාරයේ මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහු ද අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
  • අද දින නඩු විභාගයේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු නවතම තොරතුරු හෝ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම සංචාරය සඳහා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනය නිල මට්ටමේ එකක්ද නැතහොත් පෞද්ගලික එකක්ද යන්න තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්නාවලියක් යොමුකර තිබුණි.

විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය තීරණාත්මක වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 4 වැනිදා විද්‍යුත් තැපෑල සහ ගුවන් තැපෑල මඟින් එම විශ්වවිද්‍යාලයේ බලධාරීන් වෙත ප්‍රශ්න 9කින් යුත් ලිපියක් යොමු කළද, පසුගිය නඩු වාරය වන විටත් ඒ සඳහා ප්‍රතිචාර ලැබී නොතිබුණි.

අද දින නඩුව කැඳවන අවස්ථාවේදී එම තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකිවේද යන්න පිළිබඳව නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද ඉහළ අවධානයක් යොමුව පවතී.

හිටපු ජනාධිපති ලේකම් රක්ෂිත බන්ධනාගාරයේ

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහු ද අද  දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වියදම් ඇස්තමේන්තු සකස් කිරීමේදී එවක සිටි මහ කොමසාරිස්වරියගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීම පිළිබඳව විත්ති පාර්ශ්වය මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

අද දින නඩු විභාගයේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු නවතම තොරතුරු හෝ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

| lankalokaya

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...