IRIS Dena නමැති එම නෞකාවේ 180ක පිරිසක් සිට ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.
පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවෙන් මුදාගත් 32ක් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.
රෝගීන්ගේ 'කැපුම් තුවාල, පිළිස්සුම් තුවාල සහ අස්ථ බිඳීම් ඇතැයි නිරීක්ෂණය වන බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් අධ්‍යක්ෂවරයා බීබීසී සිංහල සේවය වෙත පවසා ඇත.
නෞකාවේ සිටි පුද්ගලයින්ගෙන් '140 දෙනෙකු පමණ' අතුරුදන්
මේ අතර නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිරික්ෂණ යානයක් පිටත් කර ඇති බව වාර්තා වෙයි.
නෞකාවේ සිටි පුද්ගලයින්ගෙන් '140 දෙනෙකු පමණ' අතුරුදන් වී ඇති බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් පවසයි.
නෞකා අනතුරට හේතුව තව ම සොයාගෙන නැතැයි ද ඔහු කියා සිටියි.
පාර්ලිමේන්තුවේ දී තවදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, අදාළ නෞකාව අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදේදී නොවන නමුත් ජීවිත බේරාගැනීම වගකීමක් වන බැවින් මෙම මෙහෙයුම සිදුකළ අතර, ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවය.
අදාළ නෞකාව ගිලෙමින් පවතින බවට අද උදෑසන 5.08ට පමණ නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරාගැනීමේ මෙහෙයුම් දියත් කළ බවද අමාත්‍යවරයා පැවසීය.




