අසත්‍ය පැමිණිල්ලක් කළේ යැයි චෝදනා ලබා සිටි කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අදාළ

චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඇයට අත්හිටවූ සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (ජූලි 14 වැනිදා) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ විසින් අදාළ නියෝගය අද(14) නිකුත් කළේය.

2019 වසරේදී සුදු වෑන් රථයකින් පැමිණ තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බවට ඇය විසින් රහස් පොලිසියට ප්‍රකාශයක් දී තිබිණ.

විත්තිකාරියට පෙර වැරදි නොමැති බවට ඉදිරිපත් වූ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව ඇයට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එය වසර පහකට අත්හිටුවීමට ද නියම කළේය.

ඊට අමතරව රුපියල් 50,000 දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් මාස තුනක සිර දඬුවමක් නියම කරන බවත් නියෝග කරනු ලැබීය.

විත්තිකාරිය විසින් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද ගෙවිය යුතු බව නියම කළ විනිසුරුවරයා එය ගෙවීම පැහැර හරිනු ලැබුවොත් තවත් මාස තුනක සිර දඬුවමක් ද නියම කළේය.

2019 වසරේ නොවැම්බර් මස 25 වන දා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ප්‍රශ්න කොට ලිංගික හිරිහැර කළ බවට අසත්‍ය පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image