ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී සිටින ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම

සඳහා ත්‍රිපුද්ගල ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එම කොමිශන් සභාව පත් කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරිගේ සභාපතීත්වයෙන් යුත් එහි සාමාජිකයින් ලෙස විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩි.එම්.ගුණසේකර යන මහත්වරුන් පත් කර ඇත.

ඊ.ටී.අයි ෆිනෑන්ස් මූල්‍ය සමාගම ස්වකීය තැන්පතුකරුවන්ගේ ගනුදෙනු බේරුම්කිරීම සඳහා වත්කම් විකිණීම සිදු කළද මුල්‍ය සමාගමේ සිදුව ඇති බව කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සම්බන්ධයෙන් මෙම කොමිසම මඟින් විමර්ශනය කරනු ඇත.

 

EAP බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ්හි අයිතිය ?

ඊ.ඒ.පි. බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ්හි අයිතිය විදේශිකයින් විසින් ලබාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති කඩ කරමින් බ්ලු සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සහ බෙන්හෝල්ඩින් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලින් සැදුම්ලත් මුල්‍ය ආයතන සමුහයකට විකිණීම සහ විදේශිකයින් විසින් නිශ්චල දේපළ මිලදී ගැනීම තහනම් කෙරෙන ශ්‍රී ලංකාවේ නීතිකඩකරමින් ඊ.ටී.අයි සමාගමේ වත්කම් විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීම සඳහා ගැසට් නිවේදනය මඟින් බලය පවරා ඇති බව සඳහන්වේ.

ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනය, කළමනාකරණය, කර්තව්‍යයන් හා කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් නීති කඩවීමක් සිදුව තිබේ ද, රජයට සහ මහජනතාවට අලාභයක් හෝ හානියක් සිදුවීමට හේතුකාරක වන්නා වූ යම් වැරැදි ක්‍රියාවක්, අක්‍රමිකතාවක් හෝ අයථා ක්‍රියාවක් හෝ එබදු පරිපාලනය, කළමනාකරණය, කර්තව්‍යයන් සහ කටයුතු පවත්වාගෙන යෑමට අදාළව නෛතිකව ස්ථාපිත කාර්යය පටිපාටීන්ට අනුකූලව ක්‍රියා නොකිරීමක් හෝ එකී කාර්යය පටිපාටීන් නොසළකා හැරීමක් සිදුව තිබේද, රජයට හෝ මහජනයාට අලාභයක් හෝ හානියක් සිදුවීමට හේතුකාරක වූ කිසියම් ගිවිසුම්ගත බැඳීමකට වංචනික ලෙස හෝ අවංකභාවයෙන් තොරව හෝ නොසැලකිලිමත්ව එළැඹ තිබේ ද ආදී කරුණු රැසක් කෙරෙහි මෙම ජනාධිපති කොමිසම අවධානය යොමු කරයි.

මෙම කොමිසමේ නිර්දේශ ඇතුලත් වාර්තාව මාස 3 ක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදිය යුතු බව අදාල ගැසට් නිවේදනයේ සඳහන් වේ.

2020.1.09

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්