නියුමෝනියාව, මෙනිංජයිටිස් ඇතුළු රෝග කීපයකට භාවිත කරන එක එන්නත් කුප්පියක මිල

රුපියල් 45.71කට ඇස්තමේන්තු කර තිබිය දී කුප්පියක් රුපියල් 399.60කට, කුප්පි දෙලක්ෂ පනස්දහසක් (250,000) මිලදී ගෙන ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

මෙම ගනුදෙනුවේ දී කුප්පියකට, වැඩිපුර රුපියල් 353.89ක් වන පරිදි සමස්ත එන්නත් තොගයට වැඩිපුර රුපියල් අටකෝටි අසූ හතර ලක්ෂයක (රු. 88,400,000) මුදලක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරු වෙත ගෙවා, වෛද්‍ය සැපයුම් අංශය වෙනුවෙන් මිලදී ගෙන ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එම විගණන වාර්තාවට අනුව, මෙම එන්නත් කුප්පි මිලදී ගැනීම සඳහා පළමු වර ලංසු කැඳවීමේ දී අවම ලංසුව ඉදිරිපත් කළ සැපයුම්කරුගේ මිල කුප්පියකට රුපියල් 70.70කි.

එහෙත් ඔහු ඖෂධ සැපයීමට දින 45 ක් ගතවන බව පවසා ඇති අතර, දින තිහක් ඇතුළත එන්නත් තොගය මිල දී ගැනීමට අවශ්‍ය බව පවසමින් නැවත ලංසු කැඳවා ඇත.

දෙවන වර ලංසු කැඳවීමේ දී තෝරාගත් සැපයුම්කරුගේ මිල ඒකකයට රුපියල් 540ක් වූ අතර, එන්නත් 65,000ක් නොමිලේ සපයන්නේ නම් එම මිලට එන්නත් තොගය මිලදී ගැනීමට සංස්ථාව එකඟ වී ඇත. ඒ අනුව එක එන්නතක ඵලදායී මිල රුපියල් 399.60කි.

මෙම සැපයුම්කරුම පළමුවර ලංසු කැඳවීමේදීද මිල ගණන් ඉදිරිපත් කර තිබු අතර, එවර ඔහුගේ එන්නත් කුප්පියක මිල රුපියල් 235ක් වූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.



දින 30ක් ඇතුළත එන්නත් තොගය අවශ්‍ය බව සඳහන් කරමින් දින 45ක් ඇතුළත ඒවා සැපයීමට එකඟ වූ, පළමු ලංසු කැඳවීමේ දී අවම මිල ඉදිරිපත් කළ සැපයුම්කරු ප්‍රතික්ෂේප කරමින්, මාස දෙකකට ආසන්න කාලයක් තුළ සිදුකළ දෙවන වර ලංසු කැඳවීමෙන් තෝරාගත් ලංසුකරුද දින තිහක් තුළ එන්නත් සැපයීමට අපොහොසත්ව ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.


(lankatruth.com)

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්