රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පසුගිය 25 වැනිදා පැවැති රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණත් ඔවුන්ගේ නොපැමිණීම

සම්බන්ධයෙන් එම කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කෙරිණ.

මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී දැනුම් දුන්නේය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තිය යටතේ නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව සලකා බැලීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව එදින මෙසේ රැස්විය.

මුදල් අමාත්‍යාංශය 2023 ජූනි මස මූල්‍ය තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළේය. මෙම වාර්තාවට අනුව, අයවැයේ ප්‍රාථමික ශේෂය සියයට 0.1 ක අතිරික්තයක්වූ බව මුදල් කාරක සභාව පවසයි.

  ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා මත වැට් බද්ද සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් එකතු කිරීම වාර්ෂිකව සියයට  41.9 කින් කෝටි  1,31700 දක්වා ඉහළ ගොස් ඇත. පළමු අර්ධය සඳහා වියදම බිලියන 2,560 ක් වූ අතර එය සියයට  40.5  ක වර්ධනයක් පෙන්නුම් කර  ඇත. විශාලතම වැඩිවීම වී ඇත්තේ දේශීය පොළී  වියදම වන අතර එය මේ වසරේ පළමු භාගයේ දී  කෝටි 1,27300 දක්වා සියයට  51.6 කින් ඉහළ ගොස් ඇතැයි  එහි දැක්වෙන බව කාරක සභාව සඳහන් කරයි.


විශේෂයෙන් 2023 පළමු කාර්තුවේ සියයට 11.5 ක ආර්ථික සංකෝචනය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. එවැනි තත්වයන් සදහා බලපෑ හේතු සහ තවදුරටත් ආර්ථික පසුබෑම වැළැක්වීම සඳහා ගෙන ඇති නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කමිටුව ප්‍රශ්න කළේය.

ප්‍රමාණවත් දත්ත සහ සංඛ්‍යාලේඛන සමග සූදානමකින් යුතුව කාරක සභාව හමුවේ පෙනි සිටීමේ අවශ්‍යතාව අවධාරණය කළ කමිටුව, තිරසාර ආර්ථික  ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිලධාරීන් වඩාත් වගකීමෙන් සහ නිසි දැක්මක් සහිතව කටයුතු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මධුර විතානගේ, හර්ෂණ රාජකරුණා, ආචාර්ය නාලක ගොඩහේවා සහ මයන්ත දිසානායක ද සහභාගි වූහ.


(lankadeepa.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්